Header Ads

මීතොටමුල්ල ඛේදවාචකය -කුඩා දරුවෙකු මරුට-තවත් 11ක් රෝහලේ

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන්  අද (14) පස්වරුවේ සිදු වූ අනතුරෙන් 12 හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තවත් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 තුවාල ලැබූ තවත් පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර යටවූ පිරිස් බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව අප වාර්තාකරු පවසයි.

කසළ කන්දට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව,  ගිනිනිවීම් සේවා දෙපාර්තමෙන්තුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

කුණු කන්දේ කොටසක් නායයාමෙන් නිවාස 40-50 ට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර හදිසි අනතුරු වළක්වනු පිණිස ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් තීරණය කරන ලදී.

No comments

Powered by Blogger.