Header Ads

පහසුවෙන් ආණ්ඩුව පෙරළන හැටි නාමල් රාජපක්ෂ කියයි

නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ආණ්ඩුව පෙරළිම සදහා භාවිතා කරන අලුත්ම උපක්‍රමය පසුගිය දිනක පවසා ඇත. ඒ සයිටම් සිසුන් පිරිසක් ඹහු හමුවීමට ගිය අවස්ථාවකදිය.
 මේ වනවිට දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරමින් ඇති සයිටම් වසා දැමීම සදහා වන අරගලයට මැදිව බිල්ලක් වී සිටින සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස නොයෙකුත් දේශපාලනඥයින් වෙත ගොස් තම දුක් ගැනවිලි ඉදිරි පත් කිරීමට පටන්ගෙන ඇත. මේ අතර
ඔවුන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ හමුවීමට ගියේ තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කොට සහනයක් ලබාගැනීමෙ අරමුණෙනි. මෙහිදී තමන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට මෙම සිසුන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිනි.

මෙහිදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිද්දෙන් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ "පිස්සුද මල්ලී අපි සයිටම් එක පාවිචිචි කරලා ආණ්ඩුව පෙරළන්න යන්නේ” කියාය. එතකොට මන්ත්‍රිතුමා නෙවිල් ප්‍රනාන්දු ඡන්ද වැඩට දුන්න මිලියන 50, එතකොට ශිෂ්‍යත්ව දීපු ඒවා ගැන අමතක ද යැයි ශිෂ්‍ය නියෝජිතයෙකු පවසා ඇත. එවා මොනවා කිවුවත් සයිටම් එක ගැන කථා කරන්නේ නැහැ. ඒක එහෙමයි. ආණ්ඩුව පෙරලන්න තියෙන චාන්ස් නැතිකර ගන්න බැහැ යැයි නාමල් රාජපක්ෂ පිළිතුරු දී ඇත.
lankatarget-

No comments

Powered by Blogger.