Header Ads

ලංකාවේ කෙල්ලෙක් කිස් කරලා කාර් රථයක් දිනලා

අමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකීය තරුණියක් සිප ගැනීමේ තරගයකට එක්ව නවීන මෝටර් රථයක් දිනා ගත් පුවතක් වාර්තා වනවා.

දිලිනි ජයසූරිය නම් එරට ටෙක්සස් ප්‍රාන්තයේ පදිංචි ඇය ලොව ප්‍රකට මෝටර් රථ සමාගමක් වන KIA මෝටර්ම රථ සමාගම මගින් පැවැත්වූ තරගයකට සහභාගීවීමෙනුයි මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ.

වැඩිම වේලාවක් එම නවීන මෝටර් රථය සිප ගන්නා පුද්ගලයාට එය ත්‍යාගයක් වශයෙන් ලබා දීමට නියමිතව තිබූ අතර එහි මුල් වටය සදහා තරගකරුවන් විසි දෙනකු ඉදිරිපත්ව තිබෙනවා.

ඉන් හයදෙනෙකු අවසන් වටය සදහා සුදුසුකම් ලැබූ අතර දින දෙකක් පුරා නිදි නොමැතිව ඔවුන් තරග කිරීමෙන් පසුව මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට දිලිනි ජයසූරිය සමත් වුණා.

ඒ වනවිට අඛන්ඩව පැය 50 ක් පුරා දෙතොලම තබා ඇය මෝටර් රථයක් සිප ගෙන තිබෙනවා.

මෙම තරගයේදී සෑම පැයකටම වරක් විනාඩි 10ක විරාමයක් පමණක් තරගකරුවන්ට සහ තරගකාරියන්ට ලබාදෙනු ලැබුවා.

දිලිනි ජයසූරිය ජයග්‍රහණය කළ KIA OPTIMA 2017 මෝටර් රථයේ වටිනාකම අමෙරිකානු ඩොලර් විසි තුන් දහස් එකසිය අටක් වනවා.

No comments

Powered by Blogger.