Header Ads

පාසල් අසළම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

මත්පැන් අලෙවි කිරීමේ හා එම ස්ථානයේදී පානය කිරීමට හැකිවන අයුරින් බලපත්‍රයක් ලබාදීමේදී එම ස්ථානය ආසන්නයේ පාසලක් හෝ ආගමික ස්ථානයක් ඇත්නම් ඒ අතර පැවතිය යුතු දුර මීටර් 100ක් දක්වා අඩු කිරීමට අදාළව නිර්දේශයක් ඇතුළත් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අදාළ නිර්දේශ මගින් මත්පැන් පානය කරන හා අලෙවි කරන ස්ථානයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී දැනට පවතින මීටර් 500 දුර මීටර් 100 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

04 දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යාංශය විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

දැනට පවතින එම මීටර් 500ක දුර උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ස්ථාන 43ක් පමණ දැනට පවතින බවද වාර්තා වේ.

No comments

Powered by Blogger.