Header Ads

මීතොටමුල්ලේ සිදු වුණේ පිපුරුමක් මිස කඩා වැටීමක් නොවේ (video)

මීතොටමුල්ලේ සිදුවීම කුණු කන්ද කඩා වැටීමක් ලෙස ඇතැම් සිංහල ජන මාධ්‍ය වලින් වාර්තා කළද එය ඊට වඩා බරපතල නාය යාම් තත්වයක් බව භූ විද්‍යාඥයෝ කියති.

කසළ කඳු කඩා වැටීම භෞතික නියමයන් මත සිදුවන්නක් වුවද මෙම නාය යාම් තුළ ඒවා අභ්‍යන්තයේ සිදුවන බරපතල ජෛව රසායනික ක්‍රියාවක් ඇති බව ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.

එක් වරම ගිගුම් හඩක් නැඟීමත් විශාල පිපිරීමක් සිදු වීමත් ඒ සමඟම එම කුණු කන්දේ ස්ථරයන් අධික වේගයෙන් පහළට ගලා ඒමත් මෙහිදී සිදුවේ. මීතොටමුල්ල කුණු කන්දේ පිපුරුමේදීද එමවනිම සිදු වීමක් අත්දුටු බව ප්‍රදේශවාසීහු කියති.

මෙම කුණු කඳු නාය යාම (Rubbish dump landslide) ලෝකයේ බෙහෝ රට වල සිදුවන අතර අවසන් වරට මෙවනි දරුණු කසළ කඳු නාය යාමක් සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 12දා ඉතියෝපියාවේ අගනුවර අඩිස් අබාබා නගරයේදීය. මෙම අපදාවෙන් පුද්ගලයන් 113ක් මිය ගොස් තිබේ.

කෙසේ හෝ මෙම කුණු කන්ද ආශ්‍රිතව කිනම් මෙහොතක හෝ නැවත මෙවනි පිපිරීමක් සහ නාය යාමක් සිදුවීමේ යම් හැකියාවක් ඇති බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් මෙවා පිළිබඳව අපේ රටේ බොහෝ දෙනෙකු නෙදැන සිටීම මෙහි බරපතල බව වැඩි කරන්නක් බවද ඔවුහු කියති.

එස්.ටී.පී.සිල්වා
lakbima

No comments

Powered by Blogger.