Header Ads

අර්ජුන් ඇලෝෂියස්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ලැබුණ හැටි හෙළිවෙයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද(06) කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවට එම සංවාද ඔස්සේ හෙළි වී ඇති බව වාර්තා වෙයි.
මහ බැංකු මූල්‍ය මණ්ඩලයෙන්ද සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතාගෙන් ද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරියකුගෙන් ද ලංසු තැබීම ගැන ඇලෝසියස් මහතාට තොරතුරු ලැබුණ බවත් ඒ සමයේ මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළේ ඇලෝසියස් මහතාගේ මාමා වන අර්ජුන් මහේන්ද්‍රන් බවත් පළිසේන මහතා පැවසීය.
මහ බැංකුවේ ඉහළම පුද්ගලයින්ගෙන්  සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබුණු තොරතුරු පදනම් කරගනිමින් බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කිරීම මගින් රුපියල් බිලියන 11කට අධික ලාබයක් ලැබූ බව පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසමට කීවේය.

No comments

Powered by Blogger.