Header Ads

අහසට ඇදී ගිහින් මහපොළොව දැකපු හැටි

බුදු වදන අනුව සිත යොමු කරන ඔබ මේ කියන සිදුවීම් නිවී සැනසී විඳ දරා ගන්න.
ප්‍රසන්න වූ සිතකින් මියයන පුද්ගලයන්ට නියමිත භූමිය හෝ ලෝකය නිල්පාට අහසට සම්බන්ධව පෙනීම හා ඉහළට ඇදී යෑම අනුව එය ඉහළ අහසේ පවතින බවක් නොහැඟේද?
සැබැවින්ම මේ තොරතුරු ආශ්‍රයෙන් අපට පෙනෙන්නේ මේ ලෝක මෙම විශ්වය තුළම, මෙම අවකාශය තුළම තියෙන බවක්. ඒ අය ගේ ආවර්තනය (ජ්පඥඳභඥදජර) ප්‍රබල නිසා අපට පෙනෙන්නෙ නැහැ. හරියට විදුලි පංකාවක් වේගයෙන් කැරකෙන විට එහි පෙති අපට නොපෙනෙනවා වගෙයි. ඒ හරහා ඇතිදේත් අපට දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි ආවර්තය වඩාත් වේගවත් වීම, මිනිසාටත් තම ආවර්තන වඩාත් වේගවත් කර ගත හැකි නම් නොපෙනී ඉන්න හැකි වේවි.

දෙවැන්න තමයි ශරීරයෙන් පිටත හැසිරුණු අයගේ අත්දැකීම් තුළිනුත් ඉහළින් ඇති මෙම ලෝකය ඉතා පියකරු පී්‍රතිය ජනනය කරවන එකක් බව ප්‍රකාශ කර තිබීම.
මේ පිළිබඳ ඉතා ප්‍රකට පර්යේෂණ කීපයකින්ම වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තියෙනවා.

කාල් යුං නම් ප්‍රසිද්ධ මනෝ විද්‍යාඥයා ඉදිරිපත් කරන්නේ චමත්කාරජනක විස්තරයක්. 1944දී පාදය බිඳී සිටියදී හෘදයාබාධයක් වැලඳී ඔහු රෝහල් ගත වූවා. සිහිය නැතිව ඉන්න විට ඔහුට තේරුණා ඔහුව දිලිසෙන ආලෝකයකින් වට වී යන බවක්. පසුව ඔහු අහසේ ඉහළටම ඇදී ගියා. ඉහළ සිට පහත බැලූ ඔහුට පෙනුණේ නිල්වන් සාගරය මැද පිහිටි පෘථිවියයි. එහි මහද්වීපයන්ද පැහැදිලිව දෘශ්‍යමාන වූ අතර නිල් පාට ආලෝකයක් අතරින් රිදී ආලෝකයකින් යුතු රේඛා පෘථිවිය වටා තියෙන අයුරු ඔහුට දිස් වූවා. අරාබි කාන්තාරය, රතු මුහුද, මධ්‍යධරණී මුහුදේ කොටසක්, හිමෙන් වැසුණු හිමාලය පැහැදිලිවම හඳුනා ගන්නටත් ඔහු සමත් වෙලා. හරියට ගුවන් ඡායාරූපයක් හෝ චÂද්‍රිකා ඡායාරූපයක් විස්තර කරන්නාක් කතාව. මේ දර්ශන දැකීමට නම් පොළොවේ සිට සැතපුම් දහසක්වත් ඉහළින් සිටිය යුතුයි. ඔහුගේ සංචාරය නැවතී නැහැ. තවත් අෑතට ඇදී ගියා.

එසේ යන විට ගල් පර්වත හා ඒවා තුළ භාවනානුයෝගීව සිටි හින්දු තවුසකුත් දැක ගන්න පුළුවන් වෙලා. මෙසේ ඇවිද යන විට හදිසියේම පෘථිවිය දෙසින් රුවක් මතු වී ඇවිත් ආපසු පෘථිවියටම යන ලෙස දන්වා තියෙනවා. ඔහු සඳහන් කරන පරිදි ඒ ඇවිත් තිබුණේ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයායි. දෙදෙනා කතා නොකළත් වෛද්‍යවරයා සිතූ දේ ඔහු වටහා ගෙන තිබුණා. එයින් පැහිදිලි වන්නේ ඒ ඒ අයගේ සන්නිවේදන මාධ්‍යය සිතකින් සිතකට පණිවුඩ යැවීම බවයි. (ඊඥතඥනචබඩර).
ඒ සමඟම යළිත් ඔහුව ඔහු සිටි ඇඳටම ඇවිත්, පසුව බලන විට ඔහු දැන ගත්තා ඔහුට වෛද්‍යධාර සැපයූ වෛද්‍යවරයා එදිනම (1944. 04. 04) මියගිය බව. මෙම වෛද්‍යවරයාගේ අවසන් රෝගියා වී ඇත්තේ මේ කතාව ප්‍රකාශ කරන පුද්ගලයායි. ඔහුට ප්‍රතිකාර කරමින් සිටියදී තමයි වෛද්‍යවරයාට අසනීප වී ඇත්තේ.
මෙයින් පැහැදිලි වන්නේ එම වෛද්‍යවරයාද මිය ගොස් ඉහළ ආකාශයේ ඇති ලොවට ගමන් කළ බව නොවේද?

මෙම අපට නොපෙනෙන ලෝකයේ ස්වභාවය පිළිබඳ තවත් දිගු විස්තරයක් ඉදිරිපත් කරන්නක් බ්‍රයිඩේ මර්ෆිගේ කතාව.
මොරි බේන්ස්ටයින් නම් මනෝවිද්‍යාඥයා 1972 නොවැම්බර් මාසයේ 29 දින රාත්‍රි 10.35ට ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ වර්ජිනියාටයිගේ නම් තැනැත්තියක් මෝහනය කළා. (ඇයට මේ කතාවේදී දෙන නම රූත් සිමන්ස්) එහිදී ඇය තමාගේ පෙර භවයන් ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා. ඇය බ්‍රයිඩේ මර්ෆි නමින් 1798දී අයර්ලන්තයේ ඉපදී ගත කළ ජීවිතයක් පිළිබඳවයි මේ පර්යේෂණයෙන් හෙළි වූයේ.

රූත් සිමන්ස් ගේ මෝහන නිද්‍රා තොරතුරුවලින් අපට නොපෙනෙන ලෝකයේ තොරතුරු රැසක් අනාවරණය වූවා. ඒ තොරතුරුවලට අනුව මිය යෑමෙන් පසු ඇය ටික කලක් එම නිවෙසේම ඉඳ තියෙනවා. පසුව ඇය කෝක් නගරයට ගියා. එහිදී ඩන්කන් නම් තම සහෝදරයාව දැක තියෙනවා. ඇය ඔහුට කතා කිරීමට උත්සාහ කළත් ඔහුට ඒ බව වැටහී නැහැ. පසුව ඇය එම නිවෙස අතහැර ඉහළ අහසට ගිය විට එහිදී ඇයට ඉතා කුඩා කල නැතිවූ තම සහෝදරයා හමුවී තිබෙනවා. ඒත් සහෝදරයා ඇයව හඳුනාගෙන නැහැ. හේතුව තමයි කුඩා කල මියගිය මේ මල්ලිට වයස 66 වන අක්කාව හඳුනාගත නොහැකි වීම (මෙයින් පැහැදිලි වන්නේ මියගිය ස්වභාවයෙන්ම ඒ ලෝකයේදී ද කය පවතින බවයි) පසුව ඔහුට විස්තර මතක් කර දුන් විට ඔහුට අතීතය සිහිපත් වී තියෙනවා. ඩන්කන් අයියා තොටිල්ල පෙරලූ අයුරු හා මව එයට ‍ෙදාස් පැවරූ හැටිත් මේ මල්ලී සිහිපත් කළා.
ඇය එම ලෝකයේදී කිසිවක් අනුභව කර නැහැ. නිදා ගෙනත් නැහැ. පීඩාවක් දැනිලත් නැහැ. මෙම ලෝකයේ ගත කළ කාලය ඇය දකින්නේ සංක්‍රාන්තික (ඊපචදඵඪබධපර) කාලයක් ලෙසයි.

ඇය නගරයෙන් නගරයකට ගියා යැයි සඳහන් කළා. ඇත්තටම ඒ ගමන ගැන ඇය කියන්නේ තමාට බෙල්ෆාස්ට් නුවර සිට කොක් නුවරට යෑමට අවශ්‍යයි කියල සිතන විටම ඇය ඒ නුවර තමාට අවශ්‍ය තැන සිටියා කියලයි.

මෙම ලෝකයේ නිරතුරුවම ආලෝකයක් තිබූ බැවින් දිවා රාත්‍රි වෙනසක් ඔවුන්ට තිබී නැහැ. ඒත් මේ දවල්ය රාත්‍රිය ය කියා වෙනස ඔවුන් තේරුම් අරගෙන තිබුණා.
ඒ සමඟම එම ලොවේ ලෙඩ දුක් මරණ වැනි දේ මේ අයට හමුවී නැහැ. ඒත් මරණයක් නොතිබුණාට එහේ සිටි අය කොහොම හරි වෙනත් පැවැත්මකට මාරු වෙලා නම් තියෙනවා. ඒ ලෝකයේ ස්ත්‍රී පුරුෂ භේදයක් නොතිබුණත් මේ පුරුෂයෙකි මෝ ස්ත්‍රියකි යනුවෙන් හැඳින ගෙන තියෙනවා.
අප මෙතෙක් සාකච්ඡා කළ පරිදි මේ වගේ ජීව කොට්ඨාසවල විවිධ ශක්තීන් තියෙනවා. ඒ හැම දෙයක්ම පියවී ඇසට ගෝචර වෙන්නේ බැහැ. සාමාන්‍ය ඇසට දරාගත නොහැකි ආලෝක ශක්තීන් තියෙනවා. අපේ සූත්‍රවල සඳහන් වෙනවා. සමහර දෙවිවරුන් බුදු හාමුදුරුවන් බැහැදැකීමට පැමිණි අවස්ථා පිළිබඳ.

'අථඛො අඤ්ඤතරා දේවතා
අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා
කේවලකප්පං
ජේතවනං ඕභාසෙÀවා....
යනුවෙන් ඒ දෙවිවරුන් රාත්‍රිය ඉක්ම යන විට මහා ආලෝකයකින් ජේතවනාරාමයම බබළවමින් පැමිණි බවයි ඉන් ප්‍රකාශ වන්නේ. බොහෝ විට මධ්‍යම යාමයේදී ඔවුන් එන්නේ සාමාන්‍ය මිනිසාට දරා ගන්න අපහසු වෙන්නත් පුළුවන්. ඒ ගැන සිතා තමයි දෙවිවරුන් එසේ කරන්න ඇත්තේ.
ඇතැම් විට කර්ම ශක්තිය නිසා දේවතාත්මයක සිටියත් මුහුණ විරූප වෙනවා. ඒ වගේ දෙවඟනක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මිනිස් ස්වරූපයට සමාන කයක් තිබුණත් මුහුණ සතකුගේ වගේ වෙන්න පුළුවන්.

මේ සම්බන්ධව එක් එක් අය කරන ලද පර්යේෂණ ඇසුරින් කරුණු විමසන විට පැහැදිලිව පෙනෙන එක කරුණක් දක්නට පුළුවන්. ඒ තමයි මේ ජීව කොට්ඨාස තුළ තමන්ට පෙර භවයේදී ප්‍රියත්වයක් දක්වපු අය හමුවීම ඉහත දැක්වූ බ්‍රයිඩේ මර්ෆිට එයාගේ පූජකතුමා වෛද්‍යවරයා හමු වූවා. මේ එවැනි අවස්ථා දෙකක් පමණයි. මෙයින් පැහැදිලි වන්නේ මේ අය නිසා තමයි ඒ අයව විස්තර කරන්න වෙනත් ක්‍රමයක් නැති නිසා දේව දූතයන් ලෙස මේ අත්දැකීම් ලැබූ අය ඔවුන්ව හඳුන්වා ඇත්තේ.

බෙල්ලන ශ්‍රී ඥානවිමල නාහිමියන්ගේ
දෙසුමක් ඇසුරිනි.
සුභානි එම්. ආරච්චිගේ

No comments

Powered by Blogger.