Header Ads

බැදුම්කර මගඩියේ - රනිල්ගේ නාඩගම

මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම ගැන ජන මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශ්ව ඒ ගැන ප්‍රශ්න කළා. ඒ ඔහු මෙරට පුරවැසියෙක් නොවන සිංගප්පූරුව ජාතිකයෙක් නිසා. ඔහු පිලිබඳ වගකීම බාරගත්තේ රනිල්. මුල්ම බැදුම්කර නිකුතුව සිදුවන්නේ 2015 පෙබරවාරි 27 දා. ඊට පස්සේ එයත් ප්‍රශ්න කළා. ඒ ඔහුගේ බෑණා අර්ජුන් අලෝෂියස් ගේ පර්පෙචුවල් ට්‍රෙසරීස් සමගම හරහා මේ ගනුදෙනුව සිදු කිරීම. මේ සදාචාරාත්මක නොවන ගනුදෙනුව දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් අන්දෝලනාත්මක මාතෘකාවක් වුණා. අද යහපාලනය පෙන්වීමට සාක්ෂි දීමට ගියා කියන රනිල් වික්‍රමසිංහ කලේ කුමක් ද? ගාමිණි පිටිපන , මහේෂ් කලුගම්පිටිය ,චන්දිමාල් මෙන්ඩිස් යන නීතිඥයන් තුන් දෙනෙක්ගෙන් යුතු කමිටුවක් පත් කළා. මේ අය එජාප නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී පවා නීති උපදෙස් ගන්න එජාපයට ලැදි අය. සිරිකොතේ නීතිඥයන් ලෙස හැදින්වීම වරදක් නැහැ. අන්න රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආව ගමන් යහපාලනය පෙන්වපු ආකාරයට එක් උදාහරණයක්. ඔහු අදත් මාධ්‍ය සංදර්ශනයක් දමමින් කියනවා යහපාලනය ඉදිරියට ගෙනියන බව. ඔහුගේ යහපාලනයේ ඊළග උදාහරණයත් අද සිදුවීමෙන්ම ගන්න පුළුවන්. ඒ තමයි ඔහුගෙන් ප්‍රශ්න කරන්න ගෙන්වා තිබුණේ නීතිපති ජයන්ත ජයසුරිය. කොමිසමේ මෙතෙක් සියලු දෙනාගෙන් සාක්ෂි විමසුවේ ජ්‍යෙෂ්ඨ සොලිස්ටර් ජනරාල් දප්පුලිද ලිවේරා සහ අතිරේක සොලිස්ටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ යන දෙදෙනා විසින්. අග්‍රාමාත්‍යවරයා මේ දෙදෙනාට අභිමුක නොවී තමන්ට පන්දු එවිය යුත්තේ නීතිපති යැයි අගමැති තීරණය කිරීමේ යහපාලනය කුමක්ද?
ඊළගට ජේ.ආර්.ගේ කාලයේ ඉදලා තිබුණ බැදුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කලේ රනිල් පසුගිය ජනවාරියේ නීති විරෝධීව අගමැති වුණ ගමන්. ඊට පස්සේ ඔහු අර්ජුන් මහේන්ද්‍ර ආරක්ෂා කරන්නත් දිගින් දිගටම පෙනී හිටියා. හොරාගේ අම්මගෙන් පේන අහන්න යොමු කළ අර ගාමිණි පිටිපන වාර්තාවට අනුව වරදක් වෙලා නැති බව (2015 මාර්තු 15 දා) ඔහු පාර්ලිමේන්තුවේ කියනවා. මෙහෙම හොරු රැකපු අගමැති ගැන තමයි අද සමහරු චූන් වෙලා ඉන්නේ සාක්කි දෙන්න කොමිසමට ගියාට. ඒකත් හරියට මිනියක් මරලා අවි භාර දුන්නා කියලා සතුටු වෙනවා වගේ.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි-

No comments

Powered by Blogger.