Header Ads

සුජීව සේනසිංහ බැදුම්කර මගඩිය වෙනුවෙන් හෙළුවෙන් කඩේ යන හැටි.........කැද වූ මාධ්‍ය හමුව අතරමැද නවතා දමයි..

නීතීඥ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට අර්ජුන අලෝෂියස් සමග දීර්ඝව දුරකතනයෙන් කතා කරන්නට සිදු වුයේ
මහ බැංකු බැදුම්කර වංචාවේ ඇත්ත නැත්ත යනුවෙන් ලියු පොතට තොරතුරු අසා දැන ගන්න කියලා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා. මෙහි ඇත්ත නැත්ත හෙළිදරව් කරන්න වෙන කිසිවෙකුට නොමැති එතුමාට තිබුණ දැඩි උනන්දුව සහ උවමනාව රටට ආදර්ශයක්. අන්න එහෙමයි දේශපාලඥයින් කාර්යක්‍ෂම වැඩ කළ යුත්තේ.
මාධ්‍යවේදියෙක් ඇහුවා
"මේ ගනුදෙනුව තුළින් කිසිම වැරද්දක් වෙලා නැහැ කියලද ඔබතුමා කියන්නේ.." කියලා.
මම ප්‍රකාශ නිකුත් කරන්නේ මගේ දැනුම අනුව. මට ලැබුණ තොරතුරු අනුව වැරද්දක් වෙලා නෑ කියලා කට උත්තර නැති වෙන උත්තරයක් දෙනවා.
නීතීඥ සුජීව සේනසිංහගේ පර්යේෂණ ක්‍රමවේදය අනුව, මේ රටේ පොලිසියත්, අධිකරණ විනිසුරුවරුත් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයින් අනුගමනය කළයුතු නිවැරදිම ක්‍රමවේදය වන්නේ
1. මිනී මැරුමකදී නම් හැකිතාක් සැකකරු දුරකතනයෙන් සම්බන්ධ කරගත යුතුයි. පැමිණිල්ලත් සැකකරුට අවශ්‍ය ආකාරයට සටහන් කරගත යුතුයි. විනිශ්චකාරවරයාත් සැකකරු සමග හැකිතාක් දුරකථනයෙන් සම්බන්ධ වී ඔහුගෙන් උපදෙස් ගැනීමට අමතක නොකළ යුතුයි.
2.ස්ත්‍රී දුෂණයක දී නම් දුෂකයාගෙන් විමර්ශනයට අදාලා විස්තර අසා දැනගත යුතුයි. විමර්ශනය අවසන් වෙනතෙක් එය කෙරෙන්න ඕන ආකාරය ගැන දිගින් දිගටම දුෂකයාගෙන් විමසිය යුතුයි.අවශ්‍ය නම් ඔහුගේ උපදෙස් පරිදි කාන්තාවන් එවැනි දුෂණවලට ලක් නොවී සිටීමට දැනගත යුතු වැදගත් කරුණු ඇතුළත් මනස්කාන්ත කෘතියක් ද රචනා කළ හැකියි. අවසානයේ ලද තොරතුරුවලට අනුව දුෂණයක් සිදුවී යැයි කිව නොහැකියි යන ඉතාම නිවැරදි නිගමනයකට පැමිණිය හැකියි.
3. පාතාලය මර්ධනය කිරීමට නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ආකාරය පාතාල සාමාජිකයන්ගේ දුරකථනවලට අමතා අසා දැනගත හැකියි. මන්ද ඒ විෂය පිලිබඳව මනා අවබෝධයක් සහ පරිචයක් ඇත්තේ පාතාල සාමාජිකයන්ටම නිසා ඔවුන්ගෙන් උපදෙස් ගැනීමේ වරදක් නැත. ඔවුන් යන එන සැගවී ඇති ස්ථාන ආදිය දන්නේ ඔවුන් බැවින් පොලිසිය අනවශ්‍ය රස්තියාදුවීම් නොවී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතී. අපරාධකරුවන් සෙවීමට ගත වෙන කාලය අඩුවීම නිසා විමර්ශන කටයුතු අනවශ්‍ය දිග්ගස්සා ගැනීමෙන්ද වලක්වා ගත හැකියි.
මෙවැනි සරල, පහසු, නිවැරදි ක්‍රමවේද තිබියදී වසර ගණන් නඩුහබ දිග්ගස්ස ක්‍රමවේදයට එරෙහිව නීතිඥ සුජීව සේනසිංහ සමග අපි සැවොම එකාමෙන් පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇත.
සුජී වැනි කුෂාග්‍ර නීතිඥයින් දිගුකල් දිනේවා..!

රත්තනදෙණියේ මේධානන්ද හිමි-

ඉදුරුවේ ආචරියාට වූ දේ සුජීවාචාරියාටත් වෙයි.. බැදුම්කර පොත ගැන කියන්න කැදවූ මාධ්‍ය හමුවෙන් අමාරුවේ වැටී අතරමැද නවතා දමයි..

රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ විසින් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැදවා තිබින.
බැදුම්කර කොමිසමේදී හෙලිවූ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතන ඇමතුම්, බැදුම්කරේ ඇත්ත නැත්ත පොත සම්බන්ධයෙන් මෙහිදී ඔහු විසින් ප‍්‍රධාන වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබීය.
තමන් අර්ජුන් ඇලෝසියස්ට එත්රම් දුරකතන ඇමතුම් ගත්තේ අදාල කෘතිය රචනා කිරීම සදහා අවශ තොරතුරු ලබා ගැනීමට බව ඔහු එහිදී සදහන් කලේය.
බැදුම්කර සිදුවීමේදී කිසිදු වංචාවක් සිදුව ඇති බවක් අද වන තුරුත් හෙලිව නැති බවත් අදටත් තමන් එම ස්ථාවරයේ සිටින බවත් ඔහු පැවසීය.
මාධ්‍යවේදීන් විසින් දිගින් දිගටම ඇමතිවරයා අසීරුතාවයට පත්වන ලෙස හරස් ප‍්‍රශ්න ඇසීම සිදු කල අතර අවසානයේ ඇමතිවරයා මාධ්‍ය හමුව නවතා වන්නට ගියේය.
ඉපැරණි ප‍්‍රස්තා පිරුළක් කවියෙන් මෙසේ වෙයි.
‘එකක් කඩතොලූ වසාගන්නෙ ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොලූ හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා’

එකී මාධ්‍ය හමුවේ වීඩියෝව පහත


 
බැඳුම්කර මගඩියේ -රනිල් බබා -----.බැඳුම්කර වංචාවට අගමැතිවරයා සෘජුවම වගකිව යුතු කරුණු 10 මෙන්න

No comments

Powered by Blogger.