Header Ads

ලැජ්ජයි… තිලංග… ලැජ්ජයි…හැකි ඉක්මනින් ඔබ තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතානෙනි,

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ගරාවැටීම දිනෙන් දින උග්‍ර අතට පත්වන බවට ඇති ආසන්නම හොඳම උදාහරණය දැන් පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය ලෙස හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම කඩුලු 6කට ලකුණු 600 සීමාවට එහා යන්නේ ද්විත්ව ශතකයක් හා ශතක තුනක්ද වාර්තා කරමිනි.

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සෑම අංශයකින්ම පාහේ අප්‍රසාදයටත් පසුබෑමටත් ලක්වන පසුබිමක් තුළ ඔබ ඇතුළු ඔබේ විධායක කමිටුව පමණක් තව දුරට ත් තනතුරුවල රැදී සිටින්නේ බලයට ඇති කෑදර කම නිසා නොවේද?

තේරීම් කමිටු, පුහුණුකරුවන්, කණ්ඩායම් නායකයින්, ක්‍රීඩකයින් කොතෙක් වෙනස් කළ ද ඉතා ඉහළ කීර්ති නාමයක් ඉසිලූ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වීමේ වගකීම් භාරගන්නේ කවුද ?

අප මීට පෙරද සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිහානියේ වගකීම භාරගෙන තව දුරට ත් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද නොදමා ක්‍රීඩාවේ නාමයෙන් හැකි ඉක්මණින් ඔබ තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව නැවත වතාවක් දැනුම් දීමට අපි කැමැත්තෙමු .

පවුල් දේශපාලනයෙන් ක්‍රිකට් ක්‍රීඩාව මුදවාගෙන වහාම ක්‍රීඩාවේ පාලනය වෘත්තීකයන්ට භාරදීමේ අවශ්‍යතාව යළි යළි අප සිහිපත් කරන්නෙමු .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතානෙනි ,

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ගරාවැටීම දිනෙන් දින උග්‍ර අතට පත්වන බවට ඇති ආසන්නම හොදම උදාහරණය දැන් පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයයි .

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම කඩුලු 6කට ලකුණු 600 සීමාවට එහා යන්නේ ද්විත්ව ශතකයක් හා ශතක තුනක්ද වාර්තා කරමින් .

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සෑම අංශයකින්ම පාහේ අප්‍රසාදයටත් පසුබෑමටත් ලක්වන පසුබිමක් තුළ ඔබ ඇතුළු ඔබේ විධායක කමිටුව පමණක් තවදුරටත් තනතුරු වල රැදී සිටින්නේ බලයට ඇති කෑදර කම නිසා නොවේද ?

තේරීම් කමිටු , පුහුණුකරුවන් කණ්ඩායම් නායකයින් ක්‍රීඩකයින් කොතෙක් වෙනස් කළද ඉතා ඉහල කීර්ති නාමයක් ඉසිලූ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වීමේ වගකීම් භාරගන්නේ කව්ද ?

අප මීට පෙරද සදහන් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිහානියේ වගකීම භාරගෙන තවදුරටත් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද නොදමා ක්‍රීඩාවේ නාමයෙන් හැකි ඉක්මනින් ඔබ තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව නැවත වතාවක් දැනුම් දීමට අපි කැමැත්තෙමු .

,පවුල් දේශපාලනයෙන් ක්‍රිකට් ක්‍රීඩාව මුදවාගෙන වහාම ක්‍රීඩාවේ පාලනය වෘත්තීකයන්ට භාරදීමේ අවශ්‍යතාව යළි යලි අප සිහිපත් කරන්නෙමු .

ලැජ්ජයි… තිලංග… ලැජ්ජයි…

No comments

Powered by Blogger.