Header Ads

සෑම පුරවැසියෙකුම කියවියයුතු සිල්රෙදි නඩු තීන්දුව මෙන්න… රාජ්‍ය සේවකයන්ට අතිවිශේෂයි…

එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා තෙවනවරටත් ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් පැවැත්වූ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස රජයේ මුදල් රුපියල් මිලියන 600ක් අයුතු ලෙස වැය කරමින් සිල් රෙදි බෙදාදීමේ සිදුවීමට බලය අයුතු ලෙස පාවච්චී කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හා විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට සභාපතිව සිටි අනූෂ පැල්පිට මහතාට දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විණිසුරු ගිහාන් කුළතුංග මහතා විසින් ලබාදුන් පිටු 63කින් යුතු නඩු තීන්දුව පහතින් දැක් වේ.
අංක HC8026/2015 යටතේ මෙම නඩුව ගොනු කර තිබිණි.
එහි ඉතා වැදත් කරුණු රැසක් අන්තර්ගතව ඇති අතර ඉතා වැදගත් කොටසක් මෙසේ උපුටා දක්වමු. “2වන විත්ති කරු මුදල් සපයා ගැනීම මෙන්ම අදාළ භාණ්ඩ එනම් සිල් රෙදි ලබා ගැනීම යන කර්තව්‍යයන් දෙකම මැතිවරණය ප්‍රකාශයට පත් කළායින් පසුවද සිදු කරගෙන ගොස් අති බව පැමිණිල්ලේ සාක්ෂි තුළින් ඔප්පු වී ඇත. එම පරවේෂණයන් ගෙන් ඒකායන ලෙස ගම්‍ය වන්නේ 02වන විත්ති කරු කුමක් හෝ හේතුවක් මත මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් මාසය අතර තුර දී ක්‍රියාත්මක කිරීමට ඉමහත් උත්සාහයක් දා කටයුතු කර ඇති බවය. 02වන විත්තිකරු එයට ලබා දුන් එකම හේතුව වන්නේ හිටපු ජනාධිපති තුමාගේ ඉල්ලා සිටීම මේ. ඒ වකවානුවේ සිල් රෙදි හිගයක් හෝ මෙම කර්තව්‍ය අත්‍යවශ්‍ය හිදිසි කටයුත්තක් වශයෙව් සිදු කිරීමට කිසිදු සාධාරණ හේතුවක් තිබුණු බවට හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැත. මැතිවරණ වකවානුවකදී මෙවැනි ව්‍යාපෘතියක් මැතිවරණ කොමසාරිස්ගේ උපමානයන් ද කඩ කරමින් මුදල් ප්‍රතිපාදන නොහැති අවස්ථාකදී සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව මුදල් ලබා ගෙන සිදු කිරිමට සාක්ෂියෙන් හෙළිදරව් වී ඇති එකම කරුණ වන්නේ 01 සහ 02 විත්තිකරුවන්ගේ පත්වීම් බලධාරියා ඉදිරිපත් වන මැතිවරණයක එළඹීම වේ. X.27 වැනි පත්‍රිකාවක්ද ඇතුළත් කර රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට මෙසේ ලක්ෂ අටක පමණ පුද්ගලයින්ට සිල් රෙදි පැකට්ටුවත සමග X.27 වැනි පණිවියක් සමග බෙදා දීම මගින් නෙකෙු සාමාන්‍ය කටයුතු අතරේ ඒකායන ලෙස බලාපොරොත්තු වන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින ඡන්ද දායකයින්ගේ සිතේ යම් කිසි සුභදායී සිතුවිල්ලක් එම X.27 ලේඛනයේ නම් සඳහන් හිටපු ජනාධිපති තුමා වෙත ඇති කිරීම හැර ඉන් ගම්‍ය වන අන් කිසිදු සාධාරණ අනුමිතයක් නැත” උපුටාගැනීම 46 පිටුව පළමු චේදය.
සිල්රෙදි ගෙවීම් වවුචර් කිසිවක වැය ශීර්ෂය සඳහන් කර නැත. තවද මෙම ගෙවීම් කර ඇත්තේ තැන්පත් ගිණුමකින් වේ.” උපුයටාගැනීම 47 පිටුව පළමු චේදය
මෙම මුල් ටී.අර්.සී ආයතනයෙන් ලබාගෙන ඇත්තේ මැතිවරණ සමයක අපේක්ෂකයෙකුට වාසයක් හෝ ප්‍රවර්ධනයක් වන ආකාරයේ ව්‍යාපෘතියකට යෙදවීමට බව ඉහත විහ්ලේෂණයට අනුව සාක්ෂි තුළින් ඒකායන ලෙස ගම්‍ය වන කරුණකි. එවැනි කර්තව්‍යයක් සඳහා සියලුම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ එකගත්වය තිබුනේ වුවද, එම මුදල ප්‍රේෂණය කිරීම කොමිෂන් සභා පනතේ 22F(3) වගන්තියෙන් බලය ලැබී ඇති ගෙවීමක් වන්නේ නැත. එනම් ටී.අර්.සී ආයතනයේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ වෙන් කර ඇති මුදල් වැඩි කිරීම, එම ආයතනය පැත්තෙන් සළකා බලා ආයතනයේ අබිවෘද්ධිය සඳහා සිදු කළ යුතු වේ. මෙහිදී මිලියන 600කින් සමාජ සත්කාර වැය විෂය වැඩි කිරීමට 02වෙනි විත්තුකරුගේ හුදු ඉල්ලීම මතම එදිනම 01වන විත්තිකරු විසින් යෝජනා කිරීමට කටයුතු කර ඇත. මෙසේ සී.එස්.ආර් වැය විෂය වැඩි කිරීම සමිබන්ධයෙන් කරුණ සළකා ලැබීමක් නොැතිව 03වන පාර්ශවයකගේ මැතිවරණ ව්‍යාපාරයකට යම් වාසියක් ප්‍රතිලාභයක් ලැබෙන ස්වභාවයේ කර්තව්‍යයක් සඳහා මෙම මුදල සැපයීම පනතේ 22F(3) වගන්තිය යටතේ කොමිෂන් සභාවට ඒකමතික තීරණයකින් හෝ නීත්‍යානුකූලව සිදු කළ හැකි දෙයක් නොවේ. එනම් තුන්වන පාර්ශවයකගේ මැතිවරණ ව්‍යාපාරයකට යම් උපකාරයක් වන මෙවැනි ව්‍යාපෘතියක් මැතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස්ගේ නිර්නායකයන්ටද පටහැනිව ටී.ආර්.සී ආයතනයට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව සිදු කිරීම නීත්‍යානුකූල නොවන අතර, ඒ අනුව එමගින් නීතිවිරෝධී ආකාරයක අයුතු ලාභයක් 03වන පාර්ශවයකට එනම් ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂකයෙකුට ලබා දීම අරමුණු කරගෙනම සිදු කරගෙන ඇති බව ඒකායන ලෙස ගම්‍ය වේ.” උපුටාගැනීම 47 පිටුව අවසාන චේදය හා 48 පිටුවේ පළමු චේදය


No comments

Powered by Blogger.