Header Ads

ලංකාව තරමට විශාල ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාවේ දොරකඩ.. සජීවී චන්ද්‍රිකා වාර්තා මෙන්න..

ශ‍්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් තෙක් වර්ධණය වී ඇති අතර ජාත්‍යන්තර කාලගුණ නිරීක්‍ෂණ ආයතන පෙන්වන්නේ එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් හෙට දිනයේදී මෙම පීඩන අවපාතන ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළ ආසන්නයෙන් ඉවත් වී බටහිර දෙසට ගමන් කරනු ඇති බවද චන්ද‍්‍රිකා ඡයාරූප පෙන්වයි.

මෙම තත්වය නිසා දිවයින වටා මුහුදු තීරනය්හි තද වැසි සමග තද සුළං ඇති වනු ඇති අතර පැයට කිලෝමීටර් 80-100 පමණ වේගවත් සුලං ධාරවන්ද හමා යනු ඇත.

බොහෝ ප්‍රදේශයන්හි වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වනු ඇතැයිද බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවනු ඇති බවද සදහන්ය.

මේ අතර කොළඹ අවටට බලපෑ දැඩි වර්ෂාපතනය හා සුළං තත්වය නිසා පුද්ගලයින් 20ක් පමණ පිරිසක් ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

හෙට දිනයේ සියළු ධිවර කටයුතුවලින් බැහැර වී සිටින ලෙසද මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටී.

සුලං තත්වය නිසා ප‍්‍රදේශ රැසක ගස් කඩා වැටී ඇති අතර විදුලි බලයද විසන්දි වී ගොස් තිබින. වාහන ගමනාගමනයටද මේ තත්වය බලපා ඇත.

ජාත්‍යන්තර කාලගුණ වාර්තා මෙතනින් 01 02

No comments

Powered by Blogger.