Header Ads

අර්ජුනගෙන් ක්‍රීඩා ඇමැතිට 'බවුන්සර්' වැලක්‌

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් පරාජයන් වැල කොතරම් වැඩි වුවද පරිපාලනය වෙනස්‌ කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට ශක්‌තියක්‌ නොමැතිවීමෙන් ක්‍රිකට්‌ ආගාධයට තල්ලුවීම ගැන ආණ්‌ඩුවේම ඇමැතිවරයකු විදිහට තමා බලවත් කනගාටුවට පත්ව සිටින බව ඛනිජතෙල් අමාත්‍ය සහ හිටපු ටෙස්‌ට්‌ නායක අර්ජුන රණතුංග පවසයි.

 'අපි කරන්නේ තුවාලයට බෙහෙත් දාන එක විතරයි. ඒ කියන්නේ තුවාලයට පැලැස්‌තරය අලවනවා ගලවනවා. දැන් චන්දික හතුරුසිංහවත් ගෙනල්ලා තව ටික කලකින් තරග පැරදුනොත් ඒකත් හතුරුසිංහගේ ඇඟට දායි. පරිපාලනය තවම ඉන්නවා. මේ ඉන්න සූදුකාරයෝ ටික එළියට යනකම් මේක හදන්න බැහැ. ඒක ක්‍රීඩා ඇමැතිතුමා තේරුම් ගන්න ඕන. මේ නරක තත්ත්වය තවදුරටත් ගියොත් අනිත් ක්‍රීඩාවටත් මේක යයි' යනුවෙන් අර්ජුන රණතුංග මහතා පවසයි.

 කණ්‌ඩායමේ නායකයන් සහ ක්‍රීඩකයන් පසුගිය වසර දෙකේදී වෙනස්‌ වුණත් පරිපාලනය වෙනස්‌ නොවී මේ ක්‍රිකට්‌ නඟාසිටුවන්නට නොහැකි බව තමා වසර දෙකක්‌ පුරා කියූ බවත් එම වෙනස්‌වීම් කිරීමට ක්‍රීඩා ඇමැතවරයාට ශක්‌තියක්‌ නොමැති බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

 'ඇත්තම කතාව ක්‍රීඩා ඇමැතිවරයාට ශක්‌තියක්‌ නැහැ වැරදි පරිපාලනය වෙනස්‌ කරන්න. එතුමාට වඩා සමහර විට පරිපාලනය බලවත් ඇති. මිනිස්‌සු හිනාවෙන්නෙ එතුමාට. අවාසනාවකට මේ වගේ ඇමැතිවරයෙක්‌ යටතේ ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ වීම ගැන ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ විදිහට මමත් කනගාටු වෙනවා.
divaina-

No comments

Powered by Blogger.