Header Ads

ගෑණුන්ට ගහලා මාධ්‍ය ඉදිරියේ බබා පාට් දාන රොෂාන්, කලින් පෙම්වතියගෙන් ලක්ෂ 50කුත් අරගෙන තම ළබාල පෙම්වතියට කරපු දේ මෙන්න

ජනප්‍රිය නළු රෝෂාන් පිලපිටිය ඊයේ දිනයේදී ඔහුට වඩා බොහෝ සෙයින් වයසින් අඩු රූමත් තරුණියක් හා විවාහ වී ඇති බවට සමාජ මාධ්‍ය පුරාම විවිධාකාරයේ පුවත් පැතිරී ගියා.
නමුත් අද වනවිට ඔහුගේ අතගත් ආදාළ තරුණිය ගැන මෙන්ම රෝෂාන් සම්බන්ධයෙන්ද මාධ්‍ය වාර්තා කර තිබුණේ තරමක වෙනස් ආකරයේ තොරතුරු රැසකි.

ඒවායේ දැක්වෙන ආකාරයට රොෂාන් පිලපිටිය සුනාලි රත්නායක නම් තරුණියක්ද රවටා ඇයව විවාහ කරගන්නා ලෙස පවසා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කිසියම් තරුණයෙකු විසින් වෙබ් මාධ්‍යක් වෙත තොරතුරු වාර්තා කර තිබුණේ මෙලෙසින්..

“ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය හිටපු පෙම්වතියත් රවට්ටලා, පොළොන්නරුවේ පවුලකුත් කඩලා !

කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා. ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි. එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු අහිංසක පෙම්වතාගේ බොරු ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ දිග හරිමින් අහිංසක පාට් එක රඟපෑම නිසා බව දැනටමත් සනාථ වී හමාරයි. වැරදි කරමින්, ගෑණුන්ට පහර දෙමින්, හැමදාම ඔහු දිනුවේ මාධ්‍ය ඉදිරියේ බබා පාර්ට් රඟපාමිනි. ලංකාවේ බොහෝ පොලිසි වල සහ වෙනත් ආයතන වල රොෂාන් ට විරුද්ධව ගොනුවූ පැමිණිලි බොහෝ තිබෙන බවට දැන් ආරංචි ලැබෙමින් පවතී. මේවා බොහොමයක් ඔහු අමාරුවේ දැමූ කාන්තාවන්ගෙන් එල්ල වූ ඒවා බවයි පැවසෙන්නේ.

දිය යටින් ගින්දර ගෙනයාමේ හපනෙක් වන රොෂාන්, ඉන් අනතුරුව ඔහුගේ ඥාති සහෝදරියක් වන ඇමරිකාවේ පදිංචිව සිටි, සුනාලී රත්නායක සමග වසර පහක ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගියේ, ඇයව විවාහ කරගන්න පොරොන්දු දීය. රොෂාන් ගේ සහ සුනාලී ගේ පවුල් වලින්ද මෙම සම්බන්ධයට ආශීර්වාද ලැබී තිබුණ නමුදු, රොෂාන් දවසින් දවස විවාහය කල් යවමින්, සුනාලී ගෙන් යැපෙමින්, ආර්ථික වාසි ලබමින්, සුනාලී ගේ වියදමින් විදෙස් සංචාර ගණනාවකට සහභාගී වෙමින්, ඇමරිකාවේ ලාස් වෙගාස් නුවර සුපිරි සංගීත සංදර්ශන පවා සුනාලී ගේ වියදමින් නරඹමින්, මැලේසියාව, තායිලන්තය වැනි රටවල පවා ඇය ගානේ විනෝද සංචාර යමින්, ඇගේ පෙම්වතා ලෙස වසර පහක් පුරාවටම ඇගෙන් දැඩි ලාභ ප්‍රයෝජන ලබමින් ඇයව රවටමින් ජොලියේ ජීවත් වුණා.

සුනාලී රත්නායකගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ද රොෂාන් ලබාගෙන තිබෙන බවට හෙළි වී ඇත. ඒ, විටින් විට ඔහුගේ ආර්ථික අපහසුතා ඇයට පවසමිනි. ඇයද ඔහු සමග අනාගතයක් පතමින්, ඔහුට ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙන්, ඔහුව විශ්වාස කරමින්, ඔහුට අවංකව ආදරේ කළ බැවින්, රොෂාන් ට අත දිගහැර වියදම් කිරීමට සුනාලී කිසිවිටෙකවත් පැකිලුනේ නැත. නමුත් රොෂාන් අයටද දිගින් දිගටම කළේ වංචාවකි. සුනාලී මේ දිනවල මේ දුක් ගැනවිල්ල ඇගේ facebook පිටුව හරහා කෙලින් සහ ව්‍යංගාර්ථයෙන් පවසමින් සිටිනු පෙනේ.

රොෂාන් ව සුනාලි විසින් මේ වසර මැදදී අතහැර දැමුවේ, දිගින් දිගටම ඔහු ඇයට බොරු කරමින්, බොරු කියමින්, ඇගෙන් ලාභ ලබමින්, වෙනත් ගෑණුන් සමග හොර රහසේ සම්බන්ධතා පැවැත්වීම නිසා බව ව්ශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළි කරයි.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, රොෂාන් පිලපිටිය මීට දින කීපයකට පෙර අළුත්ම පිම්මක් පැන්නේය. ඒ, රඟපෑමේ අවස්ථාව ලබා දෙන බව පවසා, පොළොන්නරුවේ යුවතියක් වන රිද්මා දිසානායක නමැත්තියක් කොළඹට කැදවාගෙන, ඇයගේ ද පවුල කඩාකප්පල් කර, ඇයව විවාහ කරගනිමිනි. රොෂාන් රිද්මා සමග සම්බන්ධතාවය ආරම්භ කර ඇත්තේ facebook හරහාය. රඟපෑමේ සහ ඕනෑම දෙයක් කර ප්‍රසිද්ධ වීමේ දැඩි උණෙන් පෙළුණු රිද්මා, ඇය වසර තුනක් පුරාවට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය චතුරංග නමැති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ඇගේ පෙම්වතාටද, කිසිඳු හේතුවක් නැතුව බූට් එක දී, රොෂාන් ගේ කරේ එල්ලුනේ ඇසුරු සැනින්ය. චතුරංග සමග රිද්මා විවාහ වීමට සිටියේ ලබන වසරේය. ඇයව කොළඹට එක්කගෙන නවාතැනක් ද සොයා දී, ඇගේ සියලු අවශ්‍යතා ද මැනවින් ඉටු කර දී, නිළියක් වීමේ ඇගේ ආශාව ඉටුකරදීමට ඉදිරිපත්වෙමින්, චතුරංග ඉල්ලගෙන කෑවේ පරිප්පුවකි. ඒ, ඔහු රිද්මාට සැබවින්ම ආදරය කළ නිසා විය යුතුයි.

ඒ වනවිටත් රිද්මා, චතුරංගව වසර තුනක් පුරාවට හොඳින් සුද්ද කර තිබුණි. මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත රොෂාන් ව විවාහය සඳහා ඇය පොළඹවා ගත් අතරම, රොෂාන්ට ද අවශ්‍ය වූයේ, දිනෙන් දින හෙළි වෙමින් තිබූ, සුනාලී ට ඔහු කළ චෝදනා වලින් පැන යාමටය. ඊට හොඳම මාර්ගය, ඔහුට පැනල දුන් රිද්මාව විවාහ කරගැනීම බව ඔහු සිතන්නට ඇත.

රිද්මා ද නැති දේ පෙන්නන්නට කැමති, පුහු ආකල්ප වලින් පෙලෙන්නියක බව ඇයව දන්නා කියන උදවිය පවසයි. ඇගේ facebook ගිණුම් වල ඈ පවසන්නේ ඇය ඉතාලියේ වාසය කරන, නුවර ප්‍රදේශයේ තැනැත්තියක බවයි. නමුත්, ගුවන් බලපත්‍රයක්වත් නොමැති, ඉතාලිය දැකලාවත් නැති රිද්මා, තෝපාවැව ප්‍රදේශයේ පාසල් ගිය, පොළොන්නරුවේ ගැමි කාන්තාවක් බව දැනගන්නට ලැබී ඇත. හම සුදු වුවද, ඇගේ පෙනුම පොෂ් වී ඇත්තේ මෑතකදීය. ඇය කොතරම් පොෂ් වීද යත්, අම්මා සහ තාත්තාට, මමී පප්පා කීමට ඈ පටන් ගෙන තිබේ. ඇගේ දෙමාපියන් වෙන්වී ජීවත් වෙති. රිද්මා ඇගේ අම්මා ඉන්දියානු බව පැවසුවද, සැබවින්ම ඇය දමිල උරුමයක් හොබවන, පිටරටක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකි.

රොෂාන් සහ රිද්මා දෙදෙනාම බොරුවෙන් ජීවත් වන දෙදෙනෙක් නිසා ඔවුන්ගේ වයසද අසත්‍ය අවුරුදු ගණන් පවසා මාධ්‍ය වෙත ලබා දී ඇත. රිද්මා 1993 ඉපදුනු අවුරුදු 24ක යුවතියක් වන අතර, රොෂාන් 1972 හඟුරන්කෙත ඉපදී 46 වන වියේ පසුවෙයි. එනම්, ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 22කි. තවද රිද්මා, ඇගේ පෙම්වතා වන චතුරංග සමග වසර තුනක් පෙම්වතුන් ලෙස එක්ව සිටීමට ප්‍රථම, කොරියාවේ සේවය කළ වෙනින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග ඇය වසර දෙකක් විවාහ වී සිට දික්කසාද වූ තැනැත්තියකි. මේ අතීත තොරතුරු සියල්ල රොෂාන් ගෙන් වසන් කොට, ඈ රොෂාන් සමග විවාහ වී ඇත්තේ මීට දින කීපයකට ප්‍රථමය.

මේ අනුව රිද්මා සහ රොෂාන් යන දෙදෙනාම එකිනෙකාගෙන් හා ලෝකයාගෙන් සත්‍ය වසන් කොට, මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රතිරූප මවා, ප්‍රේක්ෂකයින් ද රවටමින්, තමන්ට තමාවද රවටාගනිමින් අපූරු රංගනයක යෙදෙන්නට සමත් තොත්ත බබාලා දෙදෙනෙක් බව නම් පෙනී යයි.”




රිද්මා දිසානායකගේ පළමු විවාහයේ සැමියා










No comments

Powered by Blogger.