Header Ads

මහ ඇමති චාමර සම්පත් පොන්නයා විදුහල්පතිනිය දණ ගැස්වු හැටි-

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගෙන්වා තමාව දණ ගැස්වු බවට පසුගියදා එම සිද්ධියට මුහුණ දුන් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ අර්. භවානි නමැති විදුහල්පතිනිය අද(19) පිළිගනු ලැබිය. ඌව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගෙන් එල්ල වු බලපෑම් හමුවේ දණගැස්සීමේ සිද්ධිය අනාවරණ කිරීමට නොහැකිවු බව ඇය අද හඬා වැලපෙමින් පවසා සිටියේය.ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක නිර්දේශ කළ දරුවෙකු පාසලට ඇතුලත් නොකිරීම හේතුවෙන් බදුල්ල දෙමළ බාලික මහ විද්‍යාලයේ විදුහල්පතිනිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිය නිල නිවසට ගෙන්වා දණ ගස්සවා ඇති බවට පසුගිය 9 වැනිදා බණ්ඩාරවෙල පැවති ජන හමුවකදි ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මුල්වරට පවසා සිටියේය.

කෙසේ වෙතත් පසුව පළාත් අමාත්‍යවරයා අදාල චෝදනා ප්‍රතික්ෂේප කළ අතර පසුගිය 12 වැනිදා පැවති ඌව පළාත් සභා සැසියේදිද මේ පිළිබඳ සංවාදයට ලක් විය.මේ අතර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණ ගැස්වු බවට පැවසෙන අදාළ විදුහල්පතිනි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එවැනි සිදු වීමකට තමන් මුහුණ නොදුන් බවයි.මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් අද එම විදුහල්පතිනිය හමුවීමට අදාළ පාසලට පැමිණියේය. එහිදි විදුහල්පතිනිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තමාව දණ ගැස්වු බව හඬා වැලපෙමින් අනාවරණ කළේය.එළෙස දණ ගස්වා තිබියදීත් එවැනි සිදුවීමක් සිදු නොවු බවට පසුගිය 12 වැනිදා මාධ්‍යයට ප්‍රකාශ කළේ මහ ඇමතිවරයාගේ සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ බලපෑමට බවද මෙහිදි විදුහල්පතිනිය පවසා සිටියාය.මේ අතර බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ චාමර සම්පත් මහ ඇමැතිවරයා සිය ධුරයෙන් ඉවත්කර මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

No comments

Powered by Blogger.