Header Ads

පාර්ලිමේන්තුවේ ගුටි කෙළිය - උණුසුම්-ගුටිබැට හුවමාරුවක්....(video)..ගාමිණී ලොකුගේ මහතා විසින් එජාප මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා වෙත ප්‍රහාරයක්....කාවින්ද ජයවර්ධන ක්ලාන්ත වී බිම ඇද වැටේ (video)

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට මීට පෙර වාර්තා පළවුණා.

නමුත් අද කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකලා.


එම ප්‍රකාශය සිදුකරන අතරතුර ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දැක්වූ අතර එම විරෝධය පාර්ලිමේන්තු සභා ගැබටද රැගෙන ආවා.
ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතාගේ මුහුණේ කැපුම් තුවාල ඇතිව තිබේ. එම තුවාල සදහා පාර්ලිමේන්තුවේදීම ප‍්‍රතිකාර කර ඇත.


මේ අතර මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් එජාප මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා වෙත ප්‍රහාරයක් එල්ලවූ අතර ඉන් අනතුරුව මරික්කාර් මහතා විසින් ගාමිණී ලොකුගේ මහතාට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසිවෙකුගෙන් ගුටි කන්නට පෙර ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති බව ද වාර්තා වේ
සභාගැබ මධ්‍යයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු උණුසුම් වචන හුවමාරුවක නිරත වෙමින් හැසිරෙන ආකාරය දක්නට ලැබුණු අතර ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ක්ලාන්ත වී අද වැටුණු බවයි වාර්තා වුණේ.

ඔහුට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර ඔහු උදෑසන ආහාරය ලබා නොගැනීම හේතුවෙන් මේ තත්ත්වය ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.


මේ අතර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා රෝහල් ගතකළ බවට පැතිරෙන කතාව අසත්‍යක් බවයි ඔහුගේ කාර්ය මණ්ඩලය පැවසුවේ.

No comments

Powered by Blogger.