Header Ads

රවී කරුණානායකට නිසැකයෙන්ම සිරගත වීමට සිදුවනවා

බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාවද්‍ය සාක්ෂි ලබා දීම හේතුවෙන් රවී කරුණානායක මන්ත්‍රිවරයාට අනිවාර්යෙන්ම සිර දඬුවම් විඳීමට සිදු වන බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද(23) මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද එක්ව සිටියේය.

බැඳුම්කර කොමිසමේ නිර්දේශ 30 ක් ඇති බවත් එයින් එකක ජාතික ආර්ථිකයට වුණ හානිය මැනිය නොහැකි බව සඳහන් වන බව ද ඩිව් ගුණසේකර මහතා පැවසීය‍.

දෙවැනි කෝප් කමිටුවේ දී පැහැදිලි ලෙසම‍ බෙදීමක් තිබුණු බව පැවසු ගුණසේකර මහතා එ.ජා.ප මන්ත්‍රිවරු පාද සටහන් දැමමින් අලාභය වසන් කිරීමට උත්සහ ගත් බව ද කියා සිටියේය.

No comments

Powered by Blogger.