Header Ads

කන්‍යාවියන් 100 ක් දූෂණය කර සාදයක් පැවැත්වූවා යැයි කියූ අකුරැස්සේ සරුවා සුනිල්ගේ විශේෂ හෙළිදරව්ව මෙන්න

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සරුවා සුනිල් නොහොත් සරුවා ලියනගේ සුනිල් ගැන හැමෝටම මතක ඇති.
ඒකට හේතුව කන්‍යාවියන් සියයක් දූෂණය කරලා සාදයක් පැවැත්වුවා කියලා එල්ලවුණු චෝදනාව නිසා.
මේ හැමදේම අස්සේ අලුත් දේශපාලන පියවරක් තබමින් ඔහුගේ බිරිඳව දේශපාලනයට ගේන්න යනවා කියලා ආරංචියක් පැතිරෙනවා.
වසරකට ආසන්න කාලයක් සභාපති ධුරය හොබවමින් සිටි සරුවා සුනිල්ට හැමදේම අහිමිවුණේ ඉහත කියපු චෝදනාව නිසා.
ඔහුට සිරදඩුවමක් විදින්නත් සිදුවුණා.
මේ හැමදේම ගැන සතිඅන්ත පුවත්පතක් ඔහුගෙන් ප්‍රශ්න කරලා තිබුණේ මේ විදිහට.
සම්පූර්ණ නම මොකක්ද…?
සරුවා ලියනගේ සුනිල්. බී කියන්නේ සැමට ලෙන්ගතු සහෘදයා කියන එක.
ඉගෙනගත්තේ..?
අකුරැස්ස ගොඩපිටියේ කණිෂ්ඨ විද්‍යාලයේ.
කොයිතරම් දුරට ඉගෙන ගත්තද..?
සාමාන්‍ය පෙළ සමත්.
පාසල් කාලයෙන් පස්සේ..?
අයියත් එක්ක එකතුවෙලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.
මොනවද කරපු බිස්නස්..?
එළවළු බිස්නස් කළා. ඊට පස්සේ මට ලොතරැයියක් ඇදුනා. රැපියල් දාහක. එකෙන් රුපියල් 925 ක් අතේ තිබුණා.
ඒකත් අරන් යුද හමුදාවට ගියා. ඒකේ ටික කාලයක් ඉඳලා ඇබ්සන් වුණා. පස්සේ නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වුණා.
එතකොට වැටුප රුපියල් 705 යි.
රයිඩර් කෙනෙක් විදිහට තමයි යුද හමුදාවේ හිටියේ.
ආමි රේස් එකෙත් පළවැනි ස්ථානය මම දිනාගත්තා.
ඒකෙන් ගගත්ත බයිසිකලේ අයින් වුණායින් පස්සේ රුපියල් 925 කට විකිණුවා.
ඒකෙන් එළවළු ව්‍යාපාරයක් කරගෙන ගියා.
ආදායම රුපියල් 4965 ක් වෙලා තියෙද්දි භීෂණ කාලේ ලොරිය මංකොල්ල කෑවා.
ලොරිය මංකොල්ලකෑවේ ගැමුණු රෙජිමේන්තුවෙන්.
ඒකේ නඩුව උසාවියේ ගියා.
පස්සේ ඒකයට ගැහුවා.
ආතේ බිංදුවටම වැටුණා. රුපියල් 2000 ක් ණයට හොයාගෙන ආයෙත් බිස්නස් එක කළා.
ගොවියෝ ළඟට ගිහින් එළවළු අරගෙන ව්‍යාපාර කළා.
ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාර දියුණු කළා. මම විවාහ වෙද්දි මගේ අතේ රුපියල් 45000 ක් තිබුණා.
ඊට පස්සේ වගා කරන්න හිතාගෙන දැනට තේ කර්මාන්ත ශාලාව තියෙන ඉඩම මිලදී ගත්තා.
එතැනින් තේ කර්මාන්ත ශාලාවක් පටන්ගන්න අදහසක් ආවා.
ඒකට අත්තිවාරම් කපද්දි ගල්මතු වුණු නිසා ගල් වැඩපලක් පටන්ගත්තා.
ඒකට අවශ්‍ය වාහන එක එක ගෙනාවා.
දැනට පදිංචි වෙලා ඉන්න ඉඩම අරගෙන ගෙයක් හැදුවා.
දැන්..?
දැන් මට තේ කර්මාන්ත ශාලා දෙකක් තියෙනවා. බස් තියෙනවා.
තව වාහන 30 ක් 40 ක් තියෙනවා. ගල් වැඩපලක්. මුද්‍රණ ආයතනයක් තියෙනවා. අකුරැස්සේ කඩ කිහිපයක් තියෙනවා.
අක්කර පනස් ගාණක ඉඩමක් තියෙනවා. ඒවා තමයි දැනට තියෙන ව්‍යාපාර.
දේශපාලනයට ආවේ..?
මම දේශපාලනයට එන්න හිටපු කෙනෙක් නෙවෙයි. මට වුණු අසාධාරණයක් නිසයි මම දේශපාලනයට ආවේ.
මොකක්ද වුණු අසාධාරණය..?
අකුරැස්ස මාතර පාරේ තියෙන කඩේට හිටපු සභාපති මුනිදාස ගමගේ වතුරපාර හැරෙව්වා.
ඒක මගේ පෞද්ගලික ඉඩම.
සින්නක්කර ඔප්පු තියෙනවා. මම සභාපතිතුමාට පෞද්ගලිකවම කිව්වා ඔය වැඩේ කරන්න එපා මේ වතුර පාර බහින්නේ තොටුපල හරහා කිඹුල්ලු නිසා ඒක භාවිතයට ගන්නේ නෑ. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා කියලා. එතකොට එයා මට කුණුහරුපෙන් බැනලා කිව්වා එක එක්කෙනා කියන දේවල් නෙවෙයි මම කරන්නේ මට ඕන දේවල් මම කරන්නේ කියලා.
ඒ වෙලාවේ මම හිටපු ආසන සංවිධායක එච්.ජී.සිරිසේන මහත්තයට කිව්වා සර් මෙහෙම වැඩක් වෙනවා මේක කරන්න දෙන්න එපා කියලා.
ඔතන කුල ප්‍රශ්නයක් තිබුණා.
මුනිදාස ගමගේලා හැමදාම කුලේ අවුස්සලා තමයි දේශපාලනය කළේ.
මුනිදාස පිට පිට තුන් වතාවක් සභාපති.
කාටවත් පරද්දන්න බැරිවුණා. ඒ පාර තමයි මම ආසන සංවිධායකතුමාට කිව්වේ ලොකු සර් මට අවස්ථාවක් දුන්නොත් මම මේ පුද්ගලයා පරද්දනවා කියලා.
ඒ වෙද්දි ආසන සංවිධායකතුමයියි හිටපු සභාපතියි අමනාපෙන් හිටියේ.
ඒ හින්දා මට අවස්ථාව දෙන්නම් පරද්දන්න කියලා කිව්වා.
ඒක ආරංචි වෙලා අවට පන්සල් 13 ක හාමුදුරුවරු මාව හොයාගෙන ආවා.
ඇවිත් කිව්වා ඔබතුමා ඡන්දෙට ඉල්ලන්න අපිත් උදව් කරන්නම් කියලා.
ඒ වෙද්දි හාමුදුරුවන්ටත් හිටපු සභාපති එපා වෙලා තිබුණේ.
සභාපතිවරයා හාමුදුරුවන්ටත් කුණුහරුපෙන් බනිනවා. සභාවේ ගණිකාවෝ තියාගෙන ඉන්නවා.
ගෑණු හය දෙනෙක් ඉන්නවා. පගාව ගන්නවා. මගෙනුත් කඩේ හදද්දි ලක්ෂ පහහමාරක් ගත්තා. හැමෝටම එයා එපා වෙලා තිබුණේ.
එහෙම ඉල්ලන්න කිව්වම ඔබට ජන පදනමක් තිබුණද..?
කොහොමත් මට මෙහෙ මිනිස්සු එකතුයි.. අර සිදුවීමත් හිතේ තියාගෙන මම පෞද්ගලිකව 151 ක් හැදුවා. මගේ මැෂින් දාලා.
ඒකෙන් ගමට ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. ඔය කටයුතු ඔහොම වෙද්දි හිටපුු සභාපතිවරයා ජේ.වී.පී එකේ හිටපු විපක්ෂ නායක ඉඳුනිල් ජයවීර කුල පදනමෙන් දැම්මා මමත් එක්ක තරග කරන්න.
ඒ පුද්ගලයා මට අභියෝග කළා. මම කිව්වා මම ඉල්ලනවා කියලා. ඔය අතරේ තමයි 2010-04-27 වැනිදා මගේ දුරකථනයක් නැතිවෙලා පොලිසි ගියේ.
ඒ සිද්ධිය විභාග කළා. ඊට පස්සේ අර පුද්ගලයා පක්ෂේ මහලේකම්ටයි ආසන සංවිධායකතුමාටයි ලියුමක් යවලා තිබුණා මම බාලවයස්කාර ළමයෙක් පැහැරගෙන යන්න හැදුවා කියලා.
පස්සේ ඒක නිවැරදි කරලා මට නාමයෝජනා දෙන්න සුදුසුයි කියලා අවශ්‍ය නීතිමය කටයුතු කරගත්තා.
ඇයි ඔබට චෝදනා එල්ල කරන්නේ…?
ඔය චෝදනා එල්ල කරන්නේ සල්ලිවලට. නිලධාරීන් පගාව අරන් තමයි ඒවා කළේ.
මාව වට්ටවන්න තමයි ඒ අය හැදුවේ.
මොක්ද මාව වැට්ටුවේ නැත්නම් එයාලා දන්නවා ඡන්දේ පරදිනවා කියලා. ඒකයි එහෙම කළේ.
ඒ වෙද්දි ඔබ දිනන තත්ත්වයකද හිටියේ…?
2003 ගංවතුර වෙලාවේ මිනිස්සු ගොඩක් අසරණ වුණා. කිසිම පාරකින් එන්න බැහැ.
මිනිස්සුන්ට කන්න දෙන්න විදිහක් නෑ.
මම හාල් මිටි 420 ක් කන්න දුන්නා.
අන්තිමට කන්න දෙන්න දෙයක් නෑ.
ඒ සිද්ධිය මතක් වෙද්දි හරිම සංවේදියි. අපි ඇත්තටම අසරණ වුණා.
මිනිස්සු මගෙන් කන්න ඉල්ලනවා. මට කන්න දෙන්න විදිහක් නෑ. පොලිස් ස්ථානාධිපති මහේෂ් කුමාරසිංහ මෙගන් ඇහුවා සුනිල් අපි මොකද කරන්නේ කියලා.
මම කිව්වා අපි ගාලුපාරේ එනවුස් එක්ක යමු. මම මොනවා හරි එකතු කරන් එන්නම් කියලා ගියා.
මගේ කැබ් එකෙන් ගිහින් ඉමදූවට යද්දි කෑම ලොරි දෙකක් එකතු වුණා. ඒක ලොකු ජවයක් වුණා. ඒ ්ටික ගෙනත් මිනිස්සුන්ට කන්න දුන්නේ. මිනිස්සු ඒක දන්නවා. එතකොට මම ඡන්දයක් ඉල්ලන්න හිතලවත් තිබුණේ නෑ.
සුනාමිය වෙලාවේ මිනිස්සු 6 ක් බේරගත්තා. අදටත් මිනිස්සු ඒකට සලකනවා. ඒ හින්දා මට ඡන්දේ ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ.
ඡන්දේ වෙලාවේ..?
නාමයෝජනා දුන්නයි පස්සේ හැම අපේක්ෂකයෙකුගේ ගෙදරම රැස්වීමක් කරන්න කියලා කිව්වා.
අපේ ගෙදර රැස්වීමට 2000 කට වැඩිය හිටියා.
ඒ රැස්වීමෙදි ඇහුණු කතාවක් තමයි ඡන්දෙන් කවුරු වැඩි මනාප ගත්තත් හිටපු සභාපතිතුමාට තමයි සභාපතිකම දෙන්නේ කියලා.
ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා, ලක්ෂ්මන් යාපා ඇමතිතුමා ඒ කතාව කිව්වා.
මම ඩලස් ඇමතිතුමාට කිව්වා ඒ ප්‍රකාශය නිවැරදි කරන්න කියලා. ඔබතුමා ගැන ජනතාව විශ්වාසයක් නැ. ඒ නිසා ජනතාවට ඉදිරියේ ප්‍රකාශය නිවැරදි කරන්න කිව්වා.
ඒක කිව්වා කියලා තමයි එතුමා මගෙත් එක්ක සටන් කරන්නේ. එයාට ඕනේ වුණේ මුනිසාදට තැන අරන් දෙන්න. ඒත් ඒක කරන්න බැරිවුණා.
ඡන්දෙන් මම 15661 ක් මනාප ගත්තා.
දෙවැනියා 6200 ගාණයි. මුළු ඡන්ද 19000 ගාණක් තිබුණේ. ඒකෙන් පස්සේ තමයි මම සභාපති විදිහට පත්වුණේ.
කොච්චර කාලයක් සභාපති විදිහට හිටියද..?
අවුරුද්දක් හිටියා.
අයින් වුණේ..?
මට ආපු චෝදනාත් එක්ක.
2012-06-14 අපි හිටියේ රත්නපුර කහංගම කියන මගේ මිතුරෙකුගේ ගෙදර.
ඒ ගමේ මිත්‍රයට මුනිදාස කියන හිටපු සභාපතිවරයා කෝල් කරලා කියලා තියෙනවා ඔය සභාපති කියන එකා ගෙදර නවත්වා ගත්තට වැඩක් නෑ.
තව සති දෙකයි එයා ඉන්නේ ඊට පස්සේ මම තමයි සභාපති කියලා.
පුද සත්කාර කරන්න ඕනේ නෑ. ගෙදර ගෑණු ළමයි ඉන්නවානම් පරිස්සම් කරගන්න කියලා. මම ඒ සිද්ධිය දන්නේ නෑ. එයාලා අදටත් මෙහේ යනවා එනවා. කිසි ප්‍රශ්නයක් නෑ.
ඊට පස්සේ..?
7 වැනි මාසේ තුන් වැනිදා හරියටම ඇසළ පෝය දවස.
ඉන්දු කියන පුද්ගලයා මට කෝල් කරලා කිව්වා ඔන්න ඔයා හොයන්න පොලිසියෙන් එනවා මාරුවෙන්න කියලා.
මොකටද මම මාරුවෙන්නේ මම වරදක් කරලා තියෙයිද කියලා.
ඔයා කොහෙද ඉන්නේ අහපුවාම එයා කිව්වා අනුරාධපුරේ කියලා.
එයා දන්නවා මම ගෙනියන්න ඉන්න බව. මේක සැලසුම් කරපු දෙයක්.
එතකොට තමයි මම දන්නේ ළමා අපචාර කේස් එකක් දාලා කියලා.
එදාට කළින් තමයි ඒ නඩුවට අදාල ගෑණු ළමයා අරන් ගිහින් රිමාන්ඩ් කරලා තියෙන්නේ.
ඇයි ඒ වගේ ප්‍රශ්නයකට ඔබව සම්බන්ධ කරන්න හැදුවේ…?
ඒක මම දන්නේ නෑ.. ඔය සිදුවීම ඊට මාස එක හමාරකට විතර කළින් වෙච්ච එකක්.
මම ඒ ගෙදරත් එක්ක සම්බන්ධයි කියලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන් කුමාරගේ බාප්පා කියලා තියෙනවා.
ඒ පුද්ගලයා අකුරැස්සේ පොලිසියේ කූඩුවෙදි කියපු කතාවකට තමයි මිනිස්සු පෙත්සමක් හැදුවේ.
ඒක මාතර පොලිසියේ ඉහළ නිලධාරියෙකුගේ මේසේ උඩ තියාගෙන මාධ්‍යවේදියෙකුගේ අත් අකුරින් ලියපු එකක්.
ඒකට මුදල් විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා.
ඒකට තවත් පොලිස් කාන්තාවකුත් සම්බන්ධයි කියලා මට සාක්ෂි ලැබිලා තියෙනවා.
ඒ ළමයා විතරක් නෙවෙයි. මම ඡන්ද රැස්වීම තියපු ගෙවල් 18ම ළමයි මේ වගේ සිද්ධිවලට පටලවන්න හැදුවා. පස්සේ තමයි ප්‍රශ්න 3 ක් විතරක් දැම්මේ.
දැන් ළමයි කොහෙද..?
පළවැනි ළමයා හෝටල්වල පිගන් හෝදනවා. හොදට ඉගෙනගත්ත ළමයෙක්. දෙවැනි එක්කෙනා ආගිය අතක් නෑ. තුන්වැනි ළමයත් හොදට ඉගෙනගත්ත කෙනෙක්. දැන් කම්කරුවෙක් විදිහට වැඩ කරනවා. ඒ අයගේ ජීවිත එහෙමම විනාශ වෙලා. මට උදව් කරන්න විදිහකුත් නෑ.
මගේ ළමයිනුත් මානසික කම්පනයකට ලක්වෙලා ඉන්නේ. පළවැනි එක්කෙනා ඉස්කෝලේ යන එක නතර කළා. එයාට ඉස්කෝලෙන් එක එක දේවල් කියනවා කියලා.
දෙවැනි එක්කෙනා කෝච්චියට පනින්න පවා ගිහින් තිබුණා.
මගේ දුව හැමදාම ප්‍රශ්න පත්තරේට ලකුණු 10 ක් ගත්ත කෙනා ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 145 ට බැස්සා. අඩුම ගාණේ ශිෂ්‍යත්වෙට එක්කන් යන්නවත් මම ගියේ නෑ.
ඒ මානසික තත්ත්වය ඔබට කොහොමද බලපෑවේ.?
මට ලොකුම දුක තමයි දුව විභාගයෙන් ෆේල් වුණු එක. ළමයින්ගේ අනාගතේ මේ තිරිසන්නු නැති කළා.
බිරිඳගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද තිබුණේ..?
එයාගෙන් ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් එයා ලොකු පීඩනයක ඉන්නවා කියලා මට දැනුනා.
ඔබට ඡන්දය දුන්නු මිනිස්සු…?
මිනිස්සු එදා වගේම අදටත් මගෙත් එක්ක ඉන්නවා. මාව මගේ මිරුද්ධවාදීන් හදුන්වාදී තිබුණේ දූෂිතයෙක් විදිහට. එතකොට අකුරැස්සෙ මිනිස්සු දූෂතයෙක් නිදහස් කරන්න කියලා පෙලපාලි ගියා.
මිනිස්සු 5000 කට වැඩිය හිටියා එතන.
මම බන්ධනාගාරේ ඉද්දි දවසකට සිය ගාණක් මාව බලන්න ආවා.
මිනිස්සු 25,000 ක් විතර මාව බලන්න ආවා හිටපු ටිකට.
එතකොට කොහෙද හිටියේ…?
මම එතකොට බන්ධනාගාර ගතවෙලා හිටියේ.
දවස් 72 ක් ඇතුලේ හිටියා.
මුලින් දවස් 14 ක් දාලා පස්සේ නිර්නාමික තර්ජන කළා කියලා තවත් 14 ක් දීර්ඝ කළා.
අංක තහඩු නොමැති මෝටර් සයිකලයකින් ආවා කියලා දින 14 ක් දැම්මා.
අංක තහඩු නොමැති වාහනේකින් ඇවිත් තර්ජනය කළා කියලා තවත් දින 14 ක් දැම්මා රක්ෂිත දීර්ඝයක් විදිහට.
මේ දේවල් නිකං වෙන්න විදිහක් නෑනේ…?
මේ පිටිපස්සේ දේශපාලන හස්තයක් තිබ්බා කියලා මම දන්නවා.
අධිකරණය ඇතුලේ ඉදලත් මගේ නඩුව දවසේ දිස්ත්‍රික් නායකතුමා එළියට බහිනවා මගේ හිතවතෙක් දැකලා තියෙනවා.
ඒවට දිස්ත්‍රික් නායකයා මැදිහත් වෙනවා කියලා පක්ෂයේ අනිත් නායකයෝ දන්නේ නැද්ද..?
නෑ.. එයා භාණ්ඩාගාරිකනේ පක්ෂයේ..
ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයාට සහය පලකරන්නේ කොයි කාලෙද.?
මහින්ද මහත්තයා කම්කරු ඇමති කාලේ ඉඳලම මම අදුරනවා.
මංගල සමරවීර මහත්තයටත් මම ගොඩක් උදව් කරලා තියෙනවා.
මහින්ද මහත්තයගේ පළවැනි ඡන්දෙට පෝස්ටර්වලට විසි හය ලක්ෂ හැත්තෑ පන්දහසක් වියදම් කළා. දෙවැනි එකේදි දහ අට ලක්ෂයක් වියදම් කළා.
ලක්ෂ 5 ක් අතට දුන්නා. තුන්වැනි එකේදි කැලැන්ඩර් 36,000ක් ගහන්න ලක්ෂ 36 කට වැඩිය වියදම් වුණා. ඩිජිටල් ප්‍රින්ටින් හත්ලක්ෂ එකොලොස් දහසක් ගැහුවා.
එහෙනම් ඔබට හොඳට සලකන්න ඇති..?
සලකපු සැලකිල්ල තමයි මහින්ද මහත්තයා අද මේ තත්ත්වයට පත්වුණේ. ශත පනහකට සලකන්න බැරි නායකයෙක්. මහින්ද මහත්තයගෙන් මට ශත පහක උදව්වක් ලැබුණේ නැහැ.
මෙවර ප්‍රාදේශීය සභා ඡන්දෙට ඔබ ඉදිරිපත් නොවී බිරිඳ ඉදිරිපත් කරන්නේ ඇයි…?
ඒක දිස්ත්‍රික් නායකයාගේ තීරණයක්. මම ඉදිරිපත් වුණොත් විරුද්ධවාදීන් අර චෝදනා ආයේ එල්ල කරයි කියලා තමයි බිරිඳව ඉදිරිපත් කරන්න කිව්වේ.
ජාතික දේශපාලනය ගැන බලාපොරොත්තු තියෙනවද..?
ඔව්.. අකුරැස්සට අවුරුදු ගාණක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ. මම හිතනවා ඒ අවස්ථාව සම්පූර්ණ කරන්න මට පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවෙන් ජනතාවගෙන් ආශිර්වාදය මට තියෙනවා.
ඡන්ද වෙනුුවෙන් කොයි තරම් මුදලක් වැය කරලා තියෙනවද.?
ඡන්දවලටයි නඩුවලටයි දෙකටම ලක්ෂ 800 කට වැඩිය වියදම් කරලා තියෙනවා. නඩුවලට ලක්ෂ 140 කට වැඩි ප්‍රමාණයක් ගිහින් තියෙනවා.

No comments

Powered by Blogger.