Header Ads

බැදුම්කර මගඩියේ එකම චූදිතයා හිටපු මහ බැංකු අධිපති රටින් පිටවේ.. සිංගප්පූරු පුරවැසියා ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට අයත් නෑ..

ජනාධිපතිවරයා විසින් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ඉදිරිපත් කල මහා බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ එකම චූදිතයා වු හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නොකියාම ශ්‍රී ලංකාව හැර තම පුරවැසිභාවය හිමි සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව අන්තර්ජාප පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

ඔහු මෙසේ සිට මවු රට බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපොලේ විශේෂ පර්යන්තයෙනි.

එහිදි ඔහුගේ රටින් පිටව යෑම වැලැක්වීමට කිසිවකු උත්සහ ගෙන නොමැත්තේ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අවම වශයෙන් පොදු දේපල පනතේ ලා ගනයට අයත් වරදක් හෝ සිදු කොට ඇති බවට ජනාධිපති කොමිසමේ නිර්දේශ වල පැහැදිලිව සඳහන් වුයේදැයි පැහැදිලි නැති බැවිනි.

පසුගිය කාලයේදී රාජ්‍ය සේවකයින් වූ අමාත්‍යාංශය ලේකම්වරුන් ඇතුළු නිලධාරින් මෙන්ම දේශපාලඥයන් විශාල පිරිසක් වත්මන් පාලනය යටතේ අත් අඩංගුවට ගෙන රීමාන්ඩ් ගත කෙරුණේ පොදු දේපළ අවභාවිතය පනත යටතේ ය.

එමෙන්ම ඉදිරියේදී අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් කට උත්තරයක් හෝ මෙරටේ පොලිසියට ගැනිමට නොහැකි වනුයේ ඔහු ශ්‍රීලංකාවේ නීතියේ ආධිපත්‍යට අයත් නොවන මෙරටේ පුරවැසියෙකු නොවන බැවිනි.

මෙරටේ මූල්‍ය කළමනාකරණය පිලිබඳ ඉහළම ස්ථානය වන ශ්‍රීලංකාවේ මහා බැංකුවට අර්ජුන මහේන්ද්‍රන් මහතා 2015 ජනවාරි 18 වෙනිදා පත් කිරීම සම්බන්ධයෙන් බැදුම්කර වංචාව සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ගෙනහැර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය මගින් ඔස්සේ පැවසුවේ ‘මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබදව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සදහන් වෙනවා’ යන්නයි.

No comments

Powered by Blogger.