Header Ads

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන්.. රවි කරුණානායක සැකයි......දූෂණයට වරදකරු වු එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න

ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

‘2018 ජනවාරි 3දා ජාතිය අමතමින් ජනාධිපතිතුමා කිව්වේ  බැඳුම්කර වාර්තාවේ පිටු 1,257ක් තිබෙනවා කියා.  ඒත් ඊයේ ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන්නේ පිටු 1154යි.  ඒ කියන්නේ පිටු 103ක් අඩුයි.

මේ වාර්තාව තමන්ට ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු තිබෙන නිසා එය ප්‍රසිද්ධ කරන්න බෑ කියාත් රවි කරුණානායක මන්ත්‍රිතුමා කිව්වා.  ඒ නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා රවි කරුණානායක මන්ත්‍රිතුමාට අසත්‍ය යැයි සිතෙන කරුණු වාර්තාවෙන් ඉවත්කළ නිසාද පිටු 103කින් වාර්තාව අඩු උනේ කියලා.

එබැවින් මේ වාර්තාව පිළිබඳ  ජනතා විශ්වාසනීයත්වය ගොඩ නැගෙන්න නම් ජනාධිපතිතුමා මේ පිටු 103ට මොකද වුණේ කියා රටට කියන්න ඕනෑ’

– අරවින්ද අතුකෝරල

No comments

Powered by Blogger.