Header Ads

අගමැති රනිල් වෙනුවෙන් භික්‍ෂුවක් ගාළු මුවදොර දී බෙල්ල කපාගෙන සිය දිවි නසා ගන්න යයි…[Video]

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හොරෙක් කියා ඔප්පු කලොත් තමන් ගාළුමුවදොර පිටියට ගොස් බෙල්ල කපාගෙන මිය යන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අඹන්වෙල ඥාණාලෝක හිමියෝ කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුව කැදවා තිබුනේ ජාතික විද්වත් සංසදය විසිනි.

අගමැති රනිල් රැක ගැනීම ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් පෙරට එන බවද උන් වහන්සේ කියා සිටියහ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක් බව එහිදී මාධ්‍ය අමතමින් සංසදයේ උප සභාපති මාළඹේ සීලරතන හිමියෝ කීහ.

හොරකම් නොකරන ජනාධිපති සමග හොරකම් නොකරන අගමැති ගහට පොත්ත මෙන් එක්වී යහපාලන ආණ්ඩුව ඉදිරියට කරගෙන යා යුතු බවත් උත් වහන්සේ පැවසූහ.

No comments

Powered by Blogger.