Header Ads

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැංකු ගිණුම් සෙවීම නවතයි.. ෆේස්බුක් ගිණුම් සෙවීම අරඹයි..

වර්තමාන ආණ්ඩුව මහා බැංකුව කොල්ලකාපු අර්ජුන මහේන්ද්‍රන්ගේ හොර බැංකු ගිණුම් හොයන එක නවත රටේ තරුණ තරුණියන්ගේ ෆේස්බුක් ගිණුම් හොයන්න පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

‘ලංකාවේ ඉතිහාසයේ සිදුවූ ලොකුම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කලයුතු පුද්ගලයින් රටින් පැනල ගිහින් නිදැල්ලේ ඉද්දි අද ආණ්ඩුව ෆේස්බුක් යන තරුණ තරුණියන්ගේ පස්සේ යනවා ඔවුන්ගේ ගිණුම් හොයන්න උත්සහ දරනවා.ඇත්තටම මේවා අද රටේ විහිලු බවට පත්වෙලා තියෙන්නේ ආණ්ඩුව බලයට පත්වුණේ රාජ්‍ය දේපල වංචා කරා කියල චෝදනා තියෙන පුද්ගයින් අත්අඩංගුවට ගන්නවා සිරගත කරනවා කියල ජනතාවට පොරොන්දු වෙලා නමුත් ඒ වෙනුවට වුනේ තවත් හොරකම් කිරීම විතරයි.අද ඒ හොරුත් රටින් පැනල ගිහිල්ලා ආණ්ඩුවට දැන් තමන් බලයට පත් වුනේ ඇයි කියන කාරනාවටවත් මතක නැහැ’ යැයි ඒ මහතා පැවසිය.

තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,

‘අද වෙනකොට ආණ්ඩුව තමන් බලයට පත් කරන්න විශාල සේවයක් කරපු සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන් අවහිර කරන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.මේ මගින් ආණ්ඩුව සමාජයට තොරතුරු දැනගන්න හා මිනිස්සුන්ට දැනුම බෙදාගන්න තියෙන මාර්ග අවහිර කරලා තියෙනවා.අද වෙනකොට මේ ආණ්ඩුව කෙරෙහි මේ රටේ තරුණ ප්‍රජාව අතර විශාල කලකිරීමක් ඇති වෙලා තියෙන බව පෙනෙන්න තියෙනවා.

සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම් පිට දාලා ආණ්ඩුව මේ වාර්ණය කරන යම් යම් ඇමතිවරු පසුව කරන ප්‍රකාශ මගින් අපිට පෙන්න තියෙනවා එකම හේතුව මේ ගැටුම නෙවෙයි මෙසේ සමාජ මාධ්‍ය අවහිර කරන්න කියලා මේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් පවතින කාලයේදී පවා ෆේස්බුක් වගේ සාමාන්‍ය සමාජ මාධ්‍ය වට්ස්ඇප්, වයිබර් වැනි සන්නිවේදන මාධ්‍ය අවහිර කරන්න කටයුතු කරේ නැහැ.නමුත් අද බලන්න රජයේ හා පෞද්ගලික ආයතන සියල්ල වැඩ කරන්නේ අන්තර්ජාල සම්බන්ධතා හරහා ඒ සියල්ල අද කඩ වැටිලා.විදේශීය සංචාරකයන්ගෙන් මේ පිලිබදව ලොකු විරෝධයක් මතුවෙලා,ඔවුන් තමන්ගේ මව් රටවල් සමග සම්බන්ධතා පවත්වන්නේ අදාල සන්නිවේදන මාධ්‍යක් මගින් මෙහෙම අන්තර්ජාලය අවහිර කරාම සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා.අද මම දැක්ක පුවත්පත් වාර්තා කරලා තිබුනා.මේ හේතුව නිසා කොටස් වෙළදපොල කඩා වැටිලා කියල මෙහෙම රටකට යන්න බැහැ.

තවත් සමහර ඇමතිවරු කියන කතා ඉතා හාස්‍යජනකයි.ලෝකයේ දියුණු රවල් අන්තර්ජාලය, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කපල නිසා අපිත් කපන්න ඕනෑලු.මේවා ඉතාම හාස්‍යජනක කතා ඒ රටවල් ඒ දේවල් කරනවා නම් ඒ දේවල් කරන්නේ පුරවැසි අයිතිවාසිකම සියල්ල ආරක්ෂා කරලයි.නමුත් මේ රටේ සියලු කැපවීම කරන්න අවශ්‍ය පුරවැසියන්,පාලකයන් කිසිම කැපකිරීමක් කරන්න සුදානමක් නැහැ,යැයි ඒ මහතා අවධාරණය කළේය.

අද ආණ්ඩුව තමන්ට සමාජයෙන් එල්ල වෙන විරෝධය මැඩ පවත්වන්න වක්‍රාකාරයෙන් මෙය සිදුකල බවයි.අපේ පක්ෂයෙන්  අදහස් අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ යොදවල ෆේස්බුක් ගිණුම් හොයන්න කලින් ජනාධිපති කොමිෂන් එකකින් වැරදිකාරයන් වී සිටින ජාතික ධනය කොල්ලකාපු වික්‍රමසිංහ මහත්තයාගේ ගජ මිතුරන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරලා ඔවුන් අත්තඩන්ගුවට ගන්න කියල මේ ආණ්ඩුව බලයට ආවේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න මිසක් මාධ්‍ය නිදහස වලපල්ලට ගෙනියන්න නොවෙයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා,යනුවෙන් ඒ මහතා සදහන් කළේය.

– කේ.ටී.දර්ශන

No comments

Powered by Blogger.