Header Ads

සුජීව සේනසිංහ අල්ලසට වැඩ – එජාප හිටපු මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය

කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරු සහ පාක්ෂිකයෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයටත් එජාපයේ කඩුවෙල සංවිධායක අමාත්‍ය සුජීව සේනසිංහ මහතාටත් එරෙහිව ඊයේ (14) නවගමුව නගර මධ්‍යයේ විරෝධතාවයක් නිරත වූහ.

ඔවුන් පවසන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨයන් වන තමන්ට අසාධාරණයක් වී ඇති බයි.

මෙසේ විරෝධය පල කරමින් ප්‍රියන්ත පත්බේරිය මහතා ඇතුළු පිරිසක් නවගමුව පත්තිනි දේවාලයේදී දේව කන්නලව්වක් සිදු කර පොල් ගැසීමක් සිදු කර ඇත.

එම පිරිස දේව කන්නලව්වක් කරමින් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ කඩුවෙල මහ නගර සභාවේ ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මුදල් ලබා ගනිමින් මන්ත්‍රීවරු පත් කර ඇති බවත් පක්ෂ ප‍්‍රතිපත්තිවලට එරෙහිව යමින් නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයාත් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් ද්වේෂ සහගත ලෙස ඉවත් කිරීමට කටයුතු තර ඇති බැවින් මෙම අකටයුත්තට දායක වූ අමාත්‍යවරයා ඇතුළු පිරිසට දඩුවම් ලබා දෙන ලෙසත් ය.

No comments

Powered by Blogger.