Header Ads

දයාසිරි ඇලෝසියස්ගෙන් රු. ලක්ෂ 10ක් සන්තෝසම් අරන්; කාර්පාක් එකේදී සල්ලි දුන් හැටි දයාසිරිගේ බොඩිගාඩ් හෙළිකරයි;

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා එක්ව මහ බැංකුව කොල්ල කෑවා යයි අගමැතිවරයාට එරෙහිව මහා සුදනෙකු මෙන් විශ්වාස භංගයක් ගෙන ආ දයාසිරි ජයසේකර හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කාටත් හොරා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් ‘Walt and Row Associates’ නමැති සමාගමෙන් රුපියල් දස ලක්ෂයක් සන්තෝෂම් ලෙස ලබා ගෙන ඇතැයි අද (24) අධිකරණයට ඉදිරිපත් වූ රහස් පොලිස් වාර්තාවකින් හෙළිදරව් විය.

අදාල රහස් පොලිස් බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙළේ මේ වන විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව විභාග වන බැඳුම්කර නඩුවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ විසිනි. මෙම ගනුදෙනුවට ඍජුව සම්බන්ධයක් නැති දුරකථන නාමාවලිවල සිටි අයගේ නම් ගම් පවා ජනාධිපති කොමිසමයේ දී සද්දේ දමා ප්‍රකාශ කරමින් නිර්දෝෂී පුද්ගලයන් රැසක් අපහසුතාවයට පත් කළ නි.සො.ජෙනරාල් යසන්ත කෝදාගොඩ දයාසිරි ජයසේකරගේ නම රහස් පොලිස් වාර්තාවේ තිබියදී පවා එය විවෘත අධිකරණයේ දී හෙළ නොකිරීම බරපතල කාරණයකි. කෝදාගොඩ විවෘත අධිකරණයේ දී කියා සිටියේ ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු’ කියා පමණි. අඩුම ගණනේ ‘හිටපු ඇමැතිවරයෙකු’ කියා හෝ ඔහු සඳහන් කෙළේ නැත.

කෙසේ වෙතත් රහස් පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් කරුණු අනුව ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අන් කවරෙකු හෝ නොව හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරය. 2015 දී දයාසිරිගේ ලඟ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු වූ අමිල කුමාර හේරත් නමැති පොලිස් නිලධාරියා විසින් රහස් පොලිසියට මේ පිලිබඳ කට උත්තරයක් දී තිබේ. 2015 ජුනි මස 15 වෙනිදා දයාසිරි විසින් ඔහුට රුපියල් දස ලක්ෂයක් වටිනා චෙක් පතක් අතට දී එය කෑෂ් කරගෙන එන්නැයි දැනුම් දී ඇත. එකී කෑෂ් චෙක් පත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් සමාගමේ අංක 0073900773 දරණ ජංගම ගිනුමින් නිකුත් කළ අංක 566635 දරණ චෙක් පතයි. අමිල කුමාර හේරත් එය කුරුණෑගල පිහිටි අදාල බැංකු ශාඛාවෙන් මාරු කරගෙන එම බැංකු ශාඛාවේ රථ ගාලේ දීම රුපියල් දස ලක්ෂයක මුදල දයාසිරි ජයසේකරගේ අතට ලබා දුන් බව ඔහු විසින් රහස් පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් වේ. ඒ බව අද අධිකරණයට දුන් බී වාර්තාවට ඇතුලත් ය.

මේ වැනිම තවත් රුපියල් දස ලක්ෂයක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්.එම්.මෙන්ඩිස් සමාගමෙන් ද නිකුත් කර එයද කෑෂ් කරගෙන එම සමාගමේ ප්‍රධාන විධායකට දී තිබේ. එම දස ලක්ෂය ද දයාසිරිට දුන් ආකාරයේම සන්තෝෂම් දස ලක්ෂයක් යැයි සැක කෙරෙනු ලැබේ.

අනාවරණය වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මේ වන විට මාස තුනක් පමණ කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දෙදෙනා ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියෝග කළාය.

දැන් දයාසොරිගේ සුද්දවන්තකම රෙද්ද පල්ලේ බේරී තිබේ. ඔහු ඇලෝසියස්ලාගෙන් මිලියන ගණන් මුදල් ගත්තේ කුමකටද? කිසියම් වංචාවක් වසන් කිරීමට සන්තෝෂම් ලෙස මුදල් ගත්තා නම් ඇලෝසියස්ලා පමණක් රිමාන්ඩ් භාරයේ සිටීම සාධාරණ ද ?

No comments

Powered by Blogger.