Header Ads

ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත සිරදඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

දඬුවම් නියම කරමින් හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව උක්ත චෝදනාවට වරදකරු වූ ඥාණසාර හිමියන්ට මාස 06ක කාලයක් බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව එක්නැලිගොඩ බිරිඳට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇති අතර රුපියල් 3000ක දඩයක්ද නියමකර ඇත.

අදාළ වන්දි මුදල නොගෙවන්නේනම් තවත් මාස 03ක බරපත වැඩ සහිත සිදර දඬුමකට යටත් කොට තිබේ.

දීර්ඝ කාලයක නඩු විභාගයකින් අනතුරුව ඥාණසාර හිමියන් වැරදි කරු බව පසුගිය 24වනදා අධිකරණය මගින් තීන්දු කළ අතර ඉන් පසු මෙලෙස දඩුවම් නියම කරන ලදී.

No comments

Powered by Blogger.