Header Ads

ඇලෝසියස්ගෙන් සුජීව සේනසිංහට කෝටි 3.3ක්.. සරත් ෆොන්සේකට ලක්ෂ 15ක්..හොරකම පොඩි නැත

අර්ජුන් ඇලෝසියස් විසින් චෙක්පත් 166කින් මැති ඇමතිවරු ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදල් ලබා දී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධනය හෙලි කරයි.

එහි කැඳවුම්කරු පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා සදහන් කරන්නේ රාජ්‍ය අැමති සුජීව සේනසිංහට රුපියල් මිලියන 33ක් දී ඇති බවත් ඉන් කොටසක් ඔහු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට බෙදා දී ඇති බවත්ය.

රුපියල් ලක්ෂයක් පමණක් තමනට ඇලෝසියස් දුන් බව ඇමති සරත් ෆොන්සේකා කියා සිටියද ලක්ෂ 15ක් ඔහුට දී ඇතැයිද සමරසිංහ මහතා කියයි.

ඉදිරියේදී තවත් තම් හෙලි කිරීමට තම සංවිධානය බලාපොරොත්තු වන්නේ යයිද ඔහු කියා සිටී.

No comments

Powered by Blogger.