Header Ads

වෙල්ගම කියන්නේ දෙපිටකාට්ටුවෙක් , සජිත්ට සහාය දීමේ ශ්‍රිලනිප සාකච්ඡාවේදී චන්ද්‍රිකා කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සදහා වන පෙරමුණක් ගොඩ නැගීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග එකතුවූ කුමාර වෙල්ගමට චන්ද්‍රිකා මැතිනිය විසින්ම ඔහු ප්‍රතික්ෂේප කිරීමට ලක්ව ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් වන තොරතුරු අනාවරණය වන්නේ අද (31) දින හිටපු ජනාධිපතිවරිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු 25 දෙනෙකු එකතුව පවතින තත්වයන් හමුවේ ඉදිරි ක්‍රියාමර්ග ගැනීම සදහා වන වැඩපිළිවෙලක් දියත් කරමින් සිටියදී එම සාකච්ඡාව සදහා කුමාර වෙල්ගමට ආරාධනා කිරීම තරයේ ප්‍රතික්ෂේප කිරීමට ඇය විසින් පියවර ගෙන ඇත.මේ සදහා සහභාගී වූ කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායිකා සුමිතා ප්‍රියංගනී අබේධිර මහත්මිය විසින් අනුබල දී ඇති අතර ඇය සදහන් කොට ඇත්තේ චන්ද්‍රිකා මැතිණිය විසින් දරණ මතයේ තමන්ද සිටින බවයි. ඒ අනුව කුමාර වෙල්ගම සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සදහා වන වැඩපිළිවෙලට වඩා මුල් පෙලේ නායකයෙකු වීමට උත්සාහ දරණ බවත් ඔහු දෙපිටකාට්ටුවෙකු බැවින් ඔහුට ඒ සදහා වන ඉඩ ලබා නොදිය යුතු බව චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ මතය වී තිබේ.
කෙසේ නමුත් පිරිස ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය දැක්වීමට ඉදිරියේදී සැලසුම් සකස් කර ගැනීම සදහා තීරණය කොට විසිරි ගිය බව තොරතුරු වාර්තාවේ.

No comments

Powered by Blogger.