Header Ads

රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලි රියාද් බදුර්දීන් අත්අඩංගුවට.......(video)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන මොහොමඩ් රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන මෙහෙය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අද පස්වරු 7ට පමණ පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පනියුදීන් මොහොමඩ් රියාජ් බදුර්දීන් නම් පුද්ගලයෙකු සිටින අතර, පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන බවයි.
41 හැවිරිදි ඔහු අංක 111, දහ වන පටුමග, මරික්කාර් මාවත, පුත්තලම ලිපිනයේ පදිංචි අයෙක්.
අනෙක් සැකකරු අංක 02, තුන්වන පටුමග, නිව් සෙට්ල්මන් පාර, පුත්තලම ලිපිනයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර, සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.
.

No comments

Powered by Blogger.