Header Ads

අසත්‍ය පුවතක් සිය ෆේස්බුක් ගිණුමේ දැමූ නර්ථන ශිල්පිණිය බන්ධනාගාරයට

රජයේ ප්‍රබලතම නායකයෙකුට කොරෝනා වැළඳී ඇතැයි යනුවෙන් පළවුනු අසත්‍ය පුවතක් කිසිඳු සොයා බැලීමකින් තොරව සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කර ගත් වාද්දූව ප‍්‍රදේශයේ කාන්තාවක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ලබන 9 වනදා දක්වායි. අදාළ කාන්තාව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මේ වනවිට ඇතැම් පුද්ගලයන් දේශපාලන වාසි ලබා ගැනීම, රජය අපහසුතාවයට පත් කිරීම ඇතුලු විවිධ අරමුණු උදෙසා අසත්‍ය පුවත් ෆේස්බුක් වෙබ් අඩවිය ඇතුලු සමාජජාලා මාධ්‍යයන්ට එක් කරමින් තිබෙනා අතර එම අසත්‍ය පුවත් කොරෝනා මර්ධන සටනට බාධාවක් වී තිබෙන බව කියවේ.

අන්තර් ජාලය භාවිත කරමින් මෙලෙසට විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරවන හා ඒවා අනෙකුත් පුද්ගලයින් අතර හුවමාරු කරන පිරිස් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බවයි පොලීසිය පැවසුවේ.

 - lankamag
ඇය පළ කළ අසත්‍ය පුවත












අත්අඩංගුවට ගත් කාන්තාව










No comments

Powered by Blogger.