Header Ads

රන්ජන් රාමනායක අත්අඩංගුවට - පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම රන්ජන් රාමනායක අත්අඩංගුවට (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ සිටින හිටපු මන්ත්‍රීවරයා සම්භාහනය කිරීම සඳහා පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු මන්ත්‍රීවරයාගේ නිල නිවාසය වෙත යාමට ආරක්ෂක මුරපොල වෙත පැමිණි අවස්ථාවේදී ඔහුට ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවට එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව එසේ පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක එම ස්ථානයට පැමිණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ වැදී අදාළ පුද්ගලයා සිය නිල නිවාසය වෙත රැගෙන ගොස් ඇත.

පොලිස් නිලධාරීන් විසින් සිය රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මිරිහාන මුලස්ථාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මෙලෙස අද සවස අත්අඩංගුවට ගෙන

ඇත.

No comments

Powered by Blogger.