Header Ads

නිල වාර්තා හා සත්‍ය නොපෑහේ. රට අමු සොහොනක් වූ; ඉක්වදෝරය (video)

ජාත්‍යන්තර කොරෝනා මානයට අනුව; ඉක්වදෝරයෙන් වාර්තා වන්නේ කොරෝනා රෝගීන් 7,603 ක් පමණි. ඉන් මිය ගොස් ඇත්තේ පුද්ගලයින් 355 කි. ඒ අනුව; ඉක්වදෝර රජය හා රාජ්‍ය ආයතන විසින් ලබා දී ඇති එකී තොරතුරුවලට අනුව ඉක්වදෝරයේ තත්ත්වය ඉතාම හොද මට්ටමක තිබේ.

නමුත් ඇත්ත එය නොවේ. ඉක්වදෝර රජය කුමන අරමුණකින් තම රටේ සත්‍ය තත්ත්වය ලෝකයට වසන් කළද මේ වන විට ඉක්වදෝරය 'අමු සොහොනක්' බවට පත්ව ඇත.

රෝහල් හා නිවාසවල කොරෝනා ආසාධනයෙන් මියගිය අයගේ දේහයන් පවුල්වල සාමාජිකයින් විසින් ඔහේ අතහැර ගොස් තිබෙණු දක්නට තිබේ. එසේ කුණු වූ මළසිරුරු වලින් පිටවන් දුගද ගම් නගර පුරා විහිදෙමින් තිබේ. ආදාහනාගාරවලට හා සුසාන භූමි වලය එම මරණ ප්‍රමාණය දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එක නගරයක පමණක් එසේ අතහැර දැමූ මළකදන් ප්‍රමාණය 800 ක් පමණ බව සදහන් වේ.

නමුත්, රජයේ වාර්තා අනුව තවමත් එරට කොරෝනා මරණ ගණන 355 කි. සෙසු මරණ හේතුව නිසිලෙස හදුනා නොගත් මරණ ලෙස සලකා තිබේ.

කෙසේ නමුත් මේ වනවිට තම රටට අත්ව ඇති ඉරණම පිළිබඳ ඉතා ශෝකයට පත් එරට ජනාධිපතිවරය දුක්බරව ජාතිය ඇමතීය. තම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්‍ත පිළිබඳ ඔහු කතා කළේ කණගාටුවෙනි.

කොරෝනා ආසාධනය වීමෙන් මෙතරම් ගණනක් මිය යාමටත්, නිල වාර්තා අනුව එම මරණ ගණන ඉතා අඩු වීමටත් හේතු වී ඇත්තේ; ඔවුන් රෝගීන් පරීක්ෂා කිරීම් සිදු නොකිරීමයි. ඉක්වදෝරයේ සිදු කර ඇති සමස්ත පරීක්ෂණ ගණන 25,000 ක් පමණ වේ.

#CoViD19
facebook සටහන - භාරත තෙන්නකෝන්

 





No comments

Powered by Blogger.