Header Ads

නොදන්න අටමගල් කියූ චම්පික වස්ත‍්‍ර ගලවාගනී.. කොළඹ ඇමරිකා තානාපති පිළිතුරු දෙයි…

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් නාමයෝජනා බාරදෙන ලද දිනයේ දී ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන නොතිබූ බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව එම මැතිවරණයේදී තම පාර්ශව විසින් එල්ල කරන චෝදනාව ඉතාම නිවැරදි යැයිද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි බව අහෝසි වී ඇත්තේ මෑතකදී නිකුත් කරන ලද ඇමරිකානු ෆෙඩරල් රෙජිස්රටරයේ සදහන් දිනය අනුව බවත් ඔහු පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියන්ට සත්‍ය වසන්කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත්.මේ සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් ඊට ටික වේලාවකට පසු කොළඹ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවයි.

2019 අපේ‍්‍රල් මස පටන් රාජපක්‍ෂ මහතා කිසිසේත්ම ඇමරිකානු පුරවැසි නොවන බවද ඇමරිකානු තානාපති කාර්යාලය ඩේලි මිරර් වෙබ් අඩවියට සදහන් කර ඇත.

එසේම ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගත් අයගේ නම් ෆෙඩරල් රෙජිස්ටරයට ඇතුලත් වීමට ටික කලක් ගත වන බවත් එය ඇමරිකානු අභ්‍යන්තර ක්‍රියාවලිය පමණක් මිස කිසිසේත්ම ඇමරිකා පුරවැසිකම අහෝසියට සම්බන්ධයක් නැතැයිද සදහන් කර තිබේ.

lankacnews

No comments

Powered by Blogger.