Header Ads

රවී සන්ද්‍රේශ් එළියටම විසි වේ..! පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක්..!

 

මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයට පත් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. 

 මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී කණ්ඩායම පසුගිය සිකුරාදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හමුවූහ.

එහිදී එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය තමාට ලබා දෙන ලෙස හිටපු මන්ත්‍රී රවී කරුණානායක පවසා ඇත. තමා ඒ සඳහා නියම සුදුස්සා බවත් තමාට මන්ත්‍රී ධූරය ලබා දීමෙන් පක්ෂය ගොඩගත හැකි බවත් පවසමින් ඔහු අදහස් ප්‍රකාශ කරන විට අකිල විරාජ් කාරියවසම් ඇතුළු කිහිප දෙනෙකු ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් වාග් හුවමාරුවක් සිදු විය.

රවීගේ ආධාරකරුවන්ට කුණුබැනුම්...

---------------------

රවී සිරිකොතට පැමිණ ඇත්තේ ඔහුට හිතවත් ආධාර කරුවන් කිහිප දෙනෙකු ද සමගිනි. එහිදී එම ආධාර කරුවන් ද රවී කරුණානායකට ජාතික ලැයිස්තු අසුන ලබාදිය යුතු යැයි පවසමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට බලපෑම් කිරීමට යාමත් සමග එතැනට රැස් ව සිටි අනෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් අමු තිත්ත කුණුහරුපයෙන් පවා බැන වදිමින් "පක්ෂය විනාශ කළ පල් හොරෙකු කිසි විටෙකත් නැවත පක්ෂ තුලටවත් වද්දා ගත යුතු නැතැයි" පවසමින් ඔවුන්ගේ විරෝධය පළකළහ.

මෙහිදී අසරණ වූ වූයේ කරුණානායකගේ ගෝලබාලයින් හීන් සීරුවේ එම ස්ථානයෙන් මාරුවී ගියහ. 

ක්‍රිස්තියානි ලබ්ධිකයෙකු වන රවී සන්ද්‍රේශ් කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂා කිරීම විහිළුවක් බවත්, ඔහු පසුගිය කාළයේ සිදුකළ ප්‍රකාශ සහ ක්‍රියා පක්ෂයේ පරිහානියට තදින්ම බලපෑම් කළ බවත් එජාපයට හොර ලේබල් එක වැදීමට මුල් වූයේ රවි කරුණානායක බවත් පවසමින් ඔවුහු දැඩි දෝෂාරෝපණයක් සිදුකළහ.

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට තරඟයක්..

---------------------

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මේ වන විට රවී කරුණනායකට අමතරව දයා ගමගේ, පාලිත රංගේ, අකිල විරාජ් ආදීන් අතර තරඟයක් නිර්මාණය වී ඇත.

වාර්තා වන අන්දමට රුවන් විජයවර්ධන සහ නවීන් දිසානායකටද  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබා ගැනීමට ආරාධනා ලැබී ඇතත් ඔවුන් දෙදෙනා එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළ වඩා සක්‍රීය කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි පුද්ගලයෙකු පාර්ලිමේන්තු අසුනට නම් කිරීමට වැඩි අවධානයක් යොමුව ඇති අතර පාලිත රංගේ සහ අකිල ඒ අතර ප්‍රමුඛතාවය හිමි කරගෙන ඇත. ඊට හේතු වී ඇත්තේ දෙදෙනා වැඩියෙන් මනාප ලබා ගෙන සිටීමයි. එයින්ද පාර්ලිමේන්තුව තුළ වඩා සක්‍රීය චරිතය බවට පත්වීමට අකිල විරාජ්ට හැකි වනු ඇති බවට අදහසක් ඉදිරිපත් ව ඇතත් මහ ලේකම් තනතුර සහ මන්ත්‍රීධූරය යන වගකීම් දෙකම ඔහුට ලබා දීම පිළිබඳ අර්බුදයක් නිර්මාණය වි ඇත. කෙ⁣සේ වුවද මේ දක්වා අදාළ මන්ත්‍රී ආසනය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

ලංකා ඊ නිව්ස් -


No comments

Powered by Blogger.