Header Ads

දානේ වළඳන ඡායාරූපය fake නෙවෙයිලු

 ජනපතිවරයා, අගමැතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් දානශාලාවක් වැනි ස්ථානයක ගරුතර සංඝයාවහන්සේලා ඉදිරියේ ආහාර අනුභව කරන ඡායාරූපය ව්‍යාජව සැකසූ ඡායාරූපයක් නොවන බව මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක පවසයි.

එම ඡායාරූපය සිය මුහුණුපොතේ පලකර තිබීම ගැන ප්‍රශ්න කිරීම සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිමෙන් පසු මාධ්‍ය ඉදිරියේ අදහස් පල කළ නාගරික මන්ත්‍රීවරයා සඳහන් කළේ එම ඡායාරූපය එලියට ගියේ කෙසේ දැයි සොයන ලෙස ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ නියෝගයකට අනුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවයි.

ප්‍රශ්න කිරීමේන් අනතුරුව එම නිළධාරින් විසින් සිය මුහුණුපොතේ පල කළ එම ඡායාරුපය ඉවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටි බවද නාගරික මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසයි.

එමෙන්ම රාජපක්ෂ පවුල දානශාලාවේ අනුභව කරන ඡායාරුපය සමාජමාධ්‍ය හරහා සංසරණය වෙද්දි එය ව්‍යාජ්‍ය (fake) එකක් යැයි සඳහන් කරමින් සැබෑ ඡායාරුපය (original) යැයි සඳහන් කර ගරුතර ස්වාමින්වහන්සේ දන් වළඳන ඡායාරුපයක්ද සංසරණය වූ අතර එය අන්තර්ජලයේ සුලභව දක්නට ලැබෙන ඡායාරූප කිහිපයකින් ව්‍යාජව නිර්මාණය කළ එකක් බව හෙළිදරවු විය.

එමෙන්ම එම ඡායාරූපයේ භික්ෂූන් වහන්සේලා අසුන්ගන්වා තිබූ පිළිවෙළද බෞද්ධ පූජ්‍ය පාදයානන් වහන්සේලා අසුන්ගන්වනු පිළිවෙලට නොවන බවත් ඒ අනුව එය සමස්සත සංඝ සමාජයටම කරන ලද මහා අපහාසයක් බවද භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙති.

lankatruth





No comments

Powered by Blogger.