Header Ads

ඉදිරි දින තුන ඇතුලත ලංකාව ලොක්ඩවුන් කල යුතුයි.. වෛරසය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට..

දින තුනක් අඛණ්ඩව කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවා වාර්තා වුවහොත් කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ග්‍රාමසේවක වසම් මට්ටමින් රට වසා වැඩක් නැති බවත් වහාම මුළු රටම ලොක්ඩවුන් කළ යුතු බවත්ය.

අද වන විට වසංගතය බරපතල සමාජ ව්‍යාප්තියක බවත් ඉන් ආරක්ෂාව ඇත්තේ නිවාස වල පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය දිනවල විනෝද චාරිකා ගිය, සාප්පු සවාරි ගිය, සාද පැවැත්වූ සියලු දෙනාම මේ වන විටත් දැඩි අනතුරක බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්චාවකදී ඔහු මේ අදහස් පළ කළේය.

No comments

Powered by Blogger.