Header Ads

දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙන බවට පැතිර යන පුවත අසත්‍යයක් - ආරක්ෂක අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍ර්‍රාමික) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිවේදනය හරහා ඔහු අවධාරණය කරන්නේ අදාළ කාරණය සම්බන්ධයෙන් කලබල වීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් නාවික හමුදා නිලධාරීන් කිහිප පළක් ඊයේ දහවල් බෝපිටිය කතෝලික දේවස්ථානයට පැමිණ සිදුවිය හැකි බවට හැඟවෙන ‍ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම අවස්ථාවේ දේවස්තානයේ සේවය කළ සේවිකාවකට පවසා ගොස් තිබුණා.

අදාළ නාවික හමුදා නිලධාරීන් දේවස්ථානයට පැමිණෙන අවස්ථාවේ දී එම දේවස්ථානයේ භාරකාර පියනම දෙවස්ථානයෙන් බැහැරව ගොස් තිබූ අතර ඔහු පසුව කළ සොයා බැලීමකදී හෙළි වූයේ එම අනතුරු ඇඟවීම අවට පිහිටි පල්ලි වලට හෝ බොරැල්ලෙ අගරදගුරු මැදුරට සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත් එම දැනුම් දීමෙන් පැය ගණනාවකට පසු නවත බෝපිටිය කතෝලික දේවස්ථානය වෙත පැමිණි තවත් නාවික හමුදා නිලධාරියෙක් අදාල අනතුරු ඇඟවීමේ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබුණා.

No comments

Powered by Blogger.